
ඉතාලි පාසල්වල විදේශීය සිසුන් සීමා කිරීමටත්, බුර්කා නිකාබ් තහනම් කිරීමටත් ඉතාලි අග්‍රාමාත්‍ය මෙලෝනි ප්රමුඛ රජය සූදානම් වෙයි.
පාසල් පන්ති කාමරවල විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීමටත්, පාසල් තුළ බුර්කා සහ නිකාබ් තහනම් කිරීමටත් අදාළ නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරනු ඇතැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.
කෙසේ වෙතත්, හිජාබ හිස්වැස්ම තහනම් කිරීමක් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කිසිවක් පවසා නැත.
ඉතාලි අග්‍රාමාත්‍ය මෙලෝනි නියෝජනය කරන්නේ, ජාතිකවාදී කොන්සර්වේටිව් පක්ෂයයි. ජාතිකවාදී කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධානත්වයෙන් රෝමයේ පැවැති ජාතික උත්සයකට එක් වෙමින් අග්‍රාමාත්‍ය මෙලෝනි මේ බව පවසා ඇත.
‘ඉතාලියට පැමිණ මෙහි තම අනාගතය ගොඩනගා ගැනීමට කැමති ඕනෑම අයෙක් අපේ භාෂාව ඉගෙන ගත යුතුයි. අපේ සංස්කෘතිය තේරුම් ගත යුතුයි සහ අපේ නීතිවලට ගරු කළ යුතුයි’ යැයි ඇය රැසව සිටි පිරිස හමුවේ අවධාරණය කර ඇත.
පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණහොත්, එන නව නීතියක් බවට පත්වීමට දින 60 ක කාලයක් ගත වනු ඇතැයි පැවැසෙයි.
අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයකු වන මෙලෝනි, මීට පෙර ද සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නායිකාවකි.
අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ධුර කාලය තුළ, ඇය යුරෝපා සංගමයේ අනෙකුත් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සමඟ කටයුතු කරමින් වඩාත් ස්ථාවර මධ්‍යස්ථ මඟකට පිවිස සිටින බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඒ රටවල නීතියට කවුරුත් යටත්.