IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නේපාල චීනය අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තබයි

චීනයේ සංචාරය කරන නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්වුණු අතර, චීනය සමඟ අවබෝධතා ගිවිසුම් 7 ක් ඇතුළු තවත් ගිවිසුම් 12 කට නේපාල අග්‍රාමාත්‍යවරයා අත්සන් තැබුණි.

අත්සන් තැබුණේ වෙළෙඳ, ප්‍රවාහන සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාල ගිවිසුම්වලටය. චීනයේ හැංග්ෂූ නගරයට පැමිණි නේපාල අග්‍රාමාත්‍යවරයාට චීන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

චීන ජනාධිපතිවරයා හමුවීමෙන් පසු දෙරට අතරේ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට නේපාල අග්‍රාමාත්‍යවරයා සමත් වූ බව ද පැවැසෙයි. නේපාල අග්‍රාමාත්‍යවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං අතරේ ද සාකච්ඡා පැවැත්විණි.

නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස පුෂ්ප කමල් දාල් චීනයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. පසුගිය සතියේ ඔහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති 78 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ද සහභාගී විය. නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස පුෂ්ප කමල් දාල් ඇමෙරිකා ගියේ ද පළමු වරටය.



අදහස් (0)

නේපාල චීනය අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site