IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නියෝග රැසකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිමින් විධායක නියෝග රැසකට අත්සන් කළේය.

ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ඔහු බයිඩන්ට පරාජය වීමෙන් පසු ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ විට, ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී කලහ කළහ. ඇමෙරිකන් පාර්ලිමේන්තුව ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය. ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් කලහ කළ පිරිසට සිරදඬුවම් හිමිවුණු අතර, ට්‍රම්ප්ගේ පළමු විධායක නියෝගය වූයේ ඒ සියලු දෙනා වහා නිදහස් කරන ලෙසටය.

ඊට අමතරව සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණීම වළක්වාලීමට, ටික්ටොක් තහනම දීර්ඝ කිරීමට, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ද විධායක නියෝගවලට අත්සන් තැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ද ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් කළේය.

ට්‍රම්ප් පළමු වරට ජනපති ධුරයේ කටයුතු කරද්දී ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නියෝගය අහෝසි කළේ බයිඩන් බලයට පත් වීමෙව් අනතුරුවය. ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අර්බුදයක් ඇති වූයේ ‘කොවිඩ් 19’ වයිරස වසංගතය ව්‍යාප්ත වෙද්දී එය නිසි ලෙස මර්දනය නොකිරීමට කඩිනමින් පියවර නොගත් බවට ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරන බැවිනි.



අදහස් (0)

නියෝග රැසකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site