පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ දී මියයන්න ඇතැයි පාකිස්තාන මාධ්‍යවේදියකු කළ ප්‍රකාශයක් හේතුවෙන් මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.

කෙසේ නමුත්, පාකිස්තාන හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (12) කියා සිටියේ ඉම්රාන් ඛාන් යහතින් රාවල්පින්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයේ සිටින බවය. බන්ධනාගාරයේ දී ඉම්රාන් මියයන්න ප්‍රකාශ කරන්නේ ඇමරිකාවේ වෙසෙන පාකිස්තාන මාධ්‍යවේදියකු වන වජාහත් සයීඩ් ඛාන් ය.

ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේ දී නිරන්තරයෙන් කෙණෙහිලිකම් සිදුවුණු බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු බවත්, ඔහු බන්ධනාගාරයේ දී මිය යන්න ඇති බවත්පෙන්වා දෙමින් වජාහත් සයීඩ් ඛාන් ප්‍රසිද්ධියට පත් කළ පුවත ඊයේ (12) බටහිර සහ ඉන්දීය මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් විය. මේවනවිට ඉම්රාන් සම්බන්ධ වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.