
රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි.
යුද්ධය ආරම්භ කිරීමේදී දවස් 1-4 අතර කාලයේ යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකි යැයි රුසියානු රජය විශ්වාස කලත් යුක්රේනුවන්ගේ එකමුතුකමත්, රුසියානු යුද සැලසුම්කරනයේ දුර්වල කමත් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබඳ ජනාධිපති පුටින් ගේ ප්‍රධානත්වයෙන් උරල් කඳුකරයේ බංකරයක පැවති රහස් හමුවකදී මේ පිළිබඳ තම සගයන්ට ජනාධිපති පුටින් දොස් නගා ඇත.
යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ.
තව 10 ක් ඇතුලත යුක්රේනය ආක්‍රමණය නොකළහොත් අකමැත්තෙන් හෝ යුක්රේනය සමග එකඟ තාවයකට පැමිණීමට සිදුවනු ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
(ඩේලිමේල්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා
Bamunuarachchi Tuesday, 01 March 2022 09:59 AM
එකක් තේරුම් ගන්න... පුටින් යුක්රේනයට ගහන්නේ පොඩි බුෂ් ඉරාකයට, ලිබියාවට ගහපු තුච්ඡ ක්‍රමයට නොවෙයි. නිස්කාරණයේ මිනීමරන්නේ නැහැ. තෝරා ගත්තු ටාගට්වලට පමණි. ඒ නිසයි ආක්‍රමණ බොහොම සෙමින් සිදුවෙන්නේ... යුක්රේනයේ විදුලි බලය නැතිවෙලාද, ඉස්පිරිතාලවලට ගහලාද? රුසියානු කොන්වෝයි පාරේ යනවා ගෙවල්වල සිටින යුක්රේනුවෝ වීඩියෝ කරනවා. රුසියන් හමුදා හතරවටේ වෙඩි තියන්නේ නැහැ. හැබැයි සේලේන්ස්කි කරපු ගොන්වැඩේ තමයි සාමාන්‍ය ජනතාවට ආයුධ දීම දැන් මැරුම් කන්නේ සාමාන්‍ය ජනතාව... ලංකාවේ දෙමල්ලු කළා වගේ ඊළඟට කියනවා සාමාන්‍ය ජනතාවට වෙඩි තිබ්බා කියලා.