
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇත.
‘දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය’ නියෝජනය කළ මූන් ජේ-ඉන්, 2017 සිට 2022 දක්වා ජනාධිපති ධුරය හෙබවීය. මූන් ජේ-ඉන්, ජනපති ධුරය හොබවද්දී, ඔහුගේ බෑණා තායිලන්ත ගුවන් සමාගමේ සේවයට බඳවා ගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්, වොන් මිලියන 217 (ඇමරිකානු ඩොලර් 150,000) ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එම චෝදනා සම්බන්ධයෙනි.
දකුණු කොරියානු ජනපතිවරුන්ට එරෙහිව පසුගිය කාලයේ නීතිය ක්‍රියාත්මක වූ අතර, අවසන් වරට ජනාධිපති ධුරය හොබවමින් සිටි යූන් සුක් යොල්ට එරෙහිව නඩු පැවැරීමක් සිදුවූයේ ඔහු යුද නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ බැවිනි.
අධිකරණය හමුවේ යූන් සුක් යොල්ගේ ජනාධිපති ධුරය අහෝසි වුණු අතර, දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ලබන ජූනි 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා කළේය. එම හමුවට මඟ පාදා දුන්නේ මූන් ජේ-ඉන් ය.
2025 නොවැම්බර් මස 04
395
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2175
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1650
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියානු හිටපු ජනපති අධිකරණයට