
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
භූමිකම්පා හටගනිද්දී, ඉස්තාන්බුල් වැසියන් මහත් සේ බියට පත් වුණු අතර, ඔවුහු පැය ගණනක් නිවෙස්වලින් පිටතට වී සිටියහ. භූමිකම්පාව හටගෙන ගොඩනැගිලි දෙදරා යද්දී, ඇතැම් මහල් නිවාසවල සිටි 151 දෙනකු ඉහළ මහලවලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලැබූ බව ද වාර්තා වේ.
කෙසේ නමුත් භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ දේපොළ හානි හෝ කිසිවක් සිදු නොවිණි. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර 6.92 ක් පොළොව ගැඹුරේ සිදුවුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.