
ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඉරාන රජය දැඩි ලෙස විරෝධය පළ කර ඇත.
‘අප කැමතියි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා කරන්න. ඕනෑම ආකාරයකින් සාකච්ඡා කරන්න අප සූදානම්. ඇමෙරිකාව අපට පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට අපට අවශ්‍යයි. ඒත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා ඉරානයට පුළුවන් උපරිම පීඩනයක් එල්ල කරමින් ඉරානය මර්දනය කරන බව. ට්‍රම්ප්ගේ ඒ ප්‍රතිපත්තියට අප කැමැති නැහැ” යැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චී පැහැදිලි කර තිබේ.
ඉරානය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ට්‍රම්ප් ඉරානයට උපරිම පීඩනයක් එල්ල කරනවා යැයි පැවැසුවේ පසුගිය දා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. ඉරානය සහ ඊශ්‍රායලය අතර එදිරිවාදිකම්වලදී, ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 21
304
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
334
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය