IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. 

සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

දැඩි ශීත කාලගුණය හේතුවෙන්, තම දිවුරුම්දීමට සහභාගී වන සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දිවුරුම්දීම ගෘහස්ථව සිදු කරන බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත.

මීට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වූයේ 1985 වසරේදීය. එදා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ රොනල්ඩ් රේගන්ය. එම දිවුරුම් දීම ද ගෘහස්ථව සිදු වූයේ අයහපත් ශීත කාලගුණය නිසාය.

පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ට්‍රම්ප්, දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය. 

ට්‍රම්ප් බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ලේ දරු දැරියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස තෝරාගත් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එම ධුරයේ දිවුරුම් දෙනු ඇත. ජේ.ඩී. වැන්ස්ගේ බිරිඳ ද එම අවස්ථාවට සහභාගී වෙයි.

දිවුරුම් දීමේ උළෙලට ට්‍රම්ප් සහ මෙලානියා කැඳවාගෙන ඒම සිදු කරනු ලබන්නේ, ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් විසිනි.

ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූයේ ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්, පසුගිය 2024 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තවත් ධුර කාලයක් ඉතිරිව ඇති බැවිනි. 

අද (20) දින පැවැත්වෙන දිවුරුම්දීමේ උළෙලට, ධුරයෙන් සමුගන්නා උප ජනාධිපතිනී කමලා හැරිස් සහ සැමියා ද සහභාගී වනු ඇත. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හැරිස්ය. 

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් සහ බිරියන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි පැවැසෙයි. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා උළෙලට සහභාගී වුවත්, බිරිඳ මිෂෙල් ඔබාමා ඊට සහභාගී නොවනු ඇතැයි කල් තියා නිවේදනය කර තිබේ.

විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් එම පිරිස අතර සිටිති.

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ශක්තියක් වූ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ප්‍රමුඛ ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රබලයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ද නියමිතය. මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස් පමණක් නොව ටික්ටොක් සමාගමේ ප්‍රධානී ෂෝව් සී චිව් ද ඒ අතරේ සිටිති. 

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, ඇමෙරිකාවේ තුළ ටික්ටොක් තහනම් කර තිබේ. ඒ, චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය ඇමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවටත්, එය ඇමෙරිකාවට තර්ජනයක් බවටත් ඇමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

fairoos Monday, 20 January 2025 11:03 AM

අපේ හිටං සිරිසේන වගේමයි. නියම විහිලු කාරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site