IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි.

ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.

ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

(සී.එන්.එන්.)



අදහස් (17)

ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි

Nandalal DE SILVA - France Monday, 22 July 2024 05:23 AM

අපේ රටේ හැරමිටියෙන් යන, කොණ්ඩය කළු කරගෙන තරුණ බව පෙන්නන්න තටමන දේශපාලකයන්ට බයිඩන් මහතාගේ තීරණය කදිම උදාහරණයක් වේවා. රට ගැන හිතා තමන්ගේ බලයට කෑදර නොවී ජනාධිපති කරගයෙන් ඉවත් වීම එතුමාගේ උසස් ගුණයක් බව, ඇමෙරිකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.

:       9       16

pakeer Monday, 22 July 2024 06:07 AM

යකෝ ඇමෙරිකාවේ වෙන අය ඇත්තේම නැද්ද? මේ කමලා අක්කාට වඩා...

:       4       9

පුරවැසියා Monday, 22 July 2024 08:49 AM

ඇමෙරිකාවේ එහෙම වුවත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ රං ගොනිලා ඉවත් වෙන්නෙ නෑ

:       9       10

බුද්දික Monday, 22 July 2024 08:55 AM

මෙන්න නියම නායකයෝ. තමන්ගේ වයසත් සමග ඇති දුර්වලතා සහ සංකූලතා ගැන තේරුම් අරන් ඇනයක්, වදයක් නොවී තමන්ගේ පක්සය සහ රට ගැන හිතලා වැදගත් විදියට ඉවත් වුණා. ඒ ඇමරිකන් ශ්‍රී ලංකන් තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්... ඇවිද ගන්නේ අමාරුවේ... හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන නැගිටින්නෙත් කාගේ හෝ වාරුවෙන්. රටේම ජන අප්‍රසාදයට ලක්වෙලා. ඒත් තවත් බල තන්හාවට බලේට එන්න ආශාව. අනිත් කෙනා වසර 30ක් විතර පක්ෂ නායකත්වය... ඒත් හැමදාම පරාදයි. එන්න එන්න පක්ෂය පල්ලම් බැහැලා පාර්ලිමේන්තුවෙනුත් එළියට ගිහින් හොම්බෙන් ගියත් තවමත් ට්‍රයි කරන්නේ බලය වෙනුවෙන්...

:       8       9

Prabha Monday, 22 July 2024 06:30 PM

මගුල තමයි... බයිඩන් ගියේ එළවන්න කළින්. පක්ෂයෙන් පලි ගන්න තමයි... කවදාවත් දිනන්නේ නැති කමලාව ඉස්සරහාට දැම්මේ...

:       1       7

ප්‍රියා Monday, 22 July 2024 09:11 AM

මෙහේ බයි ඩෝන්, අලි ඩෝන් තාම බල ලෝබයෙන්...

:       5       9

පිටිගල මිලානෝ Monday, 22 July 2024 09:25 AM

මඤ්ඤං ලෝකයක් ඇමරිකාව……

:       0       9

අරවින්ද මොනරවිල Monday, 22 July 2024 10:20 AM

ට්‍රම්ප් අප්පච්චි දිනනවා ෂුවර්, කමලා හැරිස්ට දරුනු පරාජයක් අත්වෙයි.

:       7       17

නන්දන පනා-මිලානෝ Monday, 22 July 2024 11:20 AM

මං පොර න්‍යායෙ ඉන්නෙ නැතුව කලින්ම ඕක කළා නං කමලාට මේ වෙනකොට යම් නමක් හදාගන්න තිබ්බා..කොහෙද ඉතින් ඔයාට බෑ කියල කමලාව පස්සට තල්ලු කරලනෙ තිබ්බෙ.

:       7       16

Ahmed (Gulf) Monday, 22 July 2024 01:06 PM

කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩකට නැති තැනැත්තියකි, ඇයට එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දැරීමට කිසිසේත්ම හැකියාවක් නැත.

:       7       23

don Monday, 22 July 2024 03:33 PM

ඇමෙරිකාවේ ඉන්නේ ඔක්කොම කුමක් හෝ විදේශ රටක සම්භවයක් තියෙන අය තමයි...! 

:       2       10

don Monday, 22 July 2024 03:34 PM

ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ඉන්නේ කුමක් හෝ විදේශ රටක සම්භවයක් සහිත ජනතාව තමයි..

:       1       11

Nandana Monday, 22 July 2024 06:03 PM

මෙයා අයින් වුණේ නෑ.. අයින් වෙන්න කියලා බල කළා. දේශපාලකයෝ කොයි රටේත් එකයි බ්‍රෝ..!

:       1       6

සසන්ති-ටෙක්සාස් Monday, 22 July 2024 06:03 PM

කමලාගේ දෙමව්පියෝ ලංකාවෙලු නේද? එයා ආවොත් නම් ලංකාවේ ඔක්කොටෝම ග්‍රීන් කාඩ් දෙයි නේද?

:       3       3

Samantha Monday, 22 July 2024 06:31 PM

Sasanthi ටෙක්සාස් වල හිටියාට ඇමරිකාව ලංකාව වගේ නැහැ කියලා නොදන්නවා වගෙයි. එහේ නීතියට එකඟව මිස හිතවත්කමට, නෑදෑකමට පරම්පරාවේ උරුමක්කාර හා පොල්ම:කරුට කියලා විශේෂයක් නැහැ කියලා හිතෙනවා...

:       4       5

රාමන් Tuesday, 23 July 2024 12:32 AM

එහෙම දේවල් කරන්න බැරිනම් දේශපාලනය කරලා වැඩක් නෑනේ. මේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද?.

:       0       1

sam Monday, 22 July 2024 06:47 PM

ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනි, කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පැවසීය. මේ වනවිට ඇමරිකානු දේශපාලනයේ ජනප්‍රිය වෙමින් සිටිනා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් කමලා හැරිස් නොව මිචෙල් ඔබාමා පැමිණිය යුතුවේ. මිචෙල් ඔබාමා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවක් මෙතෙක් ප්‍රකාශ කර නොතිබුණද Barak Obama මේ වනවිට තීරය පිටුපස ප්‍රබල ක්‍රියාත්මක වීමක් පෙන්නුම් කරමින් සිටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site