කොලොම්බියාවේ දකුණුදිග ඇමසන් වනාන්තරයට අයත් කලාපයට කොලොම්බියා ගුවන් හමුදාවට අයත් ගුවක් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ, මගීන් සහ භාණ්ඩ ප්‍රවාහරන සිදුකරන සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානයකි. 

යානය කඩා වැටෙද්දී, එහි 125 දෙනෙකු සිට ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කොලොම්බියා හමුදා නිලධාරීන් බව පැවැසෙයි. අනතුරින්  71 දෙනකු දිවි බේරාගත් බව ද විදෙස් මාධ්‍ය පවසයි.

කොලොම්බියානු ගුවන් හමුදාපතිවරයා පවසා ඇත්තේ, එම යානයේ  මගීන් 114 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනකු සිටින බව පැවැසෙයි.