IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැනඩාවේ විෂ දුමාරය ඇමෙරිකාවට

කැනඩාවේ ප්‍රාන්ත රැසක දරුණු ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ළැව් ගිනි හේතුවෙන් මිලියන 100 කට බලපෑම් එල්ල වී ඇති බවත් කැනඩා රජය පවසයි. වසර ගණනාවකට පසු කැනඩාව මුහුණ දෙන දරුණුතම ළැව් ගිනි ව්‍යාසනය මෙය යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත.

කැනඩාවේ ළැව් ගිනි පැතිර යෑම ආරම්භ වූයේ මීට සති කීපයකට පෙර සිටය. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. කැනඩා ගිනි නිවන භටයන් ඊයේ (7) පැවැසුවේ පාලනය කළ නොහැකි ළැව් ගිනි 150 ක් මේ වනවිට කැනඩාව පුරා පැතිර යමින් පවතින බවය. ළැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් අළු වී ගොස් තිබේ.

ළැව් ගිනි හේතුවෙන් නිවාස අහිමි වුණු වැසියන් ගණන 20,000 කට වැඩිය. ළැව් ගිනි දුමාරය කැනඩාව පසු කරමින් ඇමෙරිකාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වාතය දූෂණය වීමට එය හේතුවක් වී තිබේ. මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ නිව්යෝක්ය. නිව්යෝක් බලධාරීන් නගර වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවසින් බැහැර වෙද්දී මුහුණු ආවරණ පලඳින ලෙසටය.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ මෙසේ ළැව් ගිනි ව්‍යාප්තවීමට හේතුව විපරිත කාලගුණ තත්ත්වයන් බවය. විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව දේශගුණික විපර්යාස බවත්, දේශගුණික විපර්යාස නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත් කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මේ අතර ළැව් ගිනිවලින් බැටකන කැනඩාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමෙරිකාව සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝට පවසා තිබේ.



අදහස් (0)

කැනඩාවේ විෂ දුමාරය ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site