අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දරුවන් සිරගත කිරීමට හැකිවන ආකාරයේ නව නීති සම්පාදනය කිරීමට එරට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ, එය මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවය.
ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා අනුව, මෙම නව නීතිය අදාල වනු ඇත්තේ අවුරුදු 10 ත් 18 ත් වයසේ දරුවන් සඳහා බවය.
නව නීතියට අනුව, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගන්නා දරුවන්, දින නියමයක් නොමැතිව පොලිස් නිවාසවල රඳවා තැබිය හැකි බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd