බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු මුහුණට මුහුණ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්විණි.

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ජනාධිපතිවරයා විනාඩි 40 ක සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි. තමන් ඇන්ඩි බර්නම් ගැන පැහැදීමට පත් වුණු බවත්, ඔහු ද ‘ව්‍යාපාරික මනසක් ඇති’ නායකයකු බවත්, ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ගත වූ දශකයක කාලයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් 7 වැන්නා ඇන්ඩි බර්නම්ය. බර්නම්ට පෙර, අග්‍රාමාත්‍ය ධුරයේ සිටියේ කීර් ස්ටාර්මර් ය. ස්ටාර්මර් සහ ට්‍රම්ප් අතර සබඳතා යහපත් වූයේ නැත. ඉරාන ඇමෙරිකා යුද්ධයේදී ඉරානයට එරෙහිව ඇමෙරිකාවට සහාය නොදීම සම්බන්ධයෙන්, ස්ටාර්මර් සහ ට්‍රම්ප් අතරේ මත ගැටුම් පැවැතිණි.