IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එදිරිවාදිකම් පසෙකලා එකමුතු වෙමු - පාකිස්තාන යුද හමුදාපති

අතීතයේ පැවැති එදිරිවාදිකම් පසෙකලා ඉන්දියාව සහ පාකිස්තානය සහයෝගීතාව දෙසට ගමන් කළ යුතු යැයි පාකිස්තාන යුද හමුදාපති ජාවේද් කමාර් බජ්වා අවධාරණය කර ඇත.

මෙහිදි ඉන්දියාවට වැඩි බරක් ඇති බව ද හෙතෙම පැවැසීය.

බලාපොරොත්තු නොවූ අයුරින් පසුගිය මාසයේ දී දෙරටේ හමුදා සටන් විරාමයක් ද ප්‍රකාශ කර තිබෙන මොහොතක පාකිස්තාන යුද හමුදාපතිවරයා ඒ බව සඳහන් කළේය.

දෙරට අතර සහයෝගීතාව ඇති කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේදී ඉන්දියාවට වැඩි බරක් ඇති බවත් කලාපීය වශයෙන් පවතින ගැටුම් අවසන් කිරීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයට ද කාර්යභාරයක් තිබෙන බවත් පාකිස්තාන යුද හමුදාපතිවරයා පැවැසීය.

අසල්වැසියන් වන පාකිස්තානය සහ ඉන්දියාව යන රටවල් දෙකම න්‍යෂ්ටික බලවතුන් වන අතර මේ දක්වා කාලයේ දී අවස්ථා තුනක දී යුද වැදී ඇත. දෙරට අතර අර්බුදය ඉකුත් 2019 වසරේ දී උග්‍ර අතට හැරුණු අතර රටවල් දෙක එකිනෙකාගේ දේශසීමා වෙත ප්‍රහාරක ගුවන් යානා යැවීමට ද පියවර ගත්තේ ය.

“අතීතය වළ දමා ඉදිරියට යා යුතු කාලය ඇවිල්ලා කියලා අපට හිතෙනවා” යැයි පාකිස්තාන යුද හමුදාපතිවරයා කීවේ ය.

පාකිස්තාන රජයේ නව ආරක්ෂක ප්‍රතිපත්ති හඳුන්වා දීම වෙනුවෙන් ඉස්ලාමාබාද් නුවර පැවැති සමුළුවකට එක්වෙමින් පාකිස්තාන යුද හමුදාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.

“කොහොම වුණත් අපේ අසල්වැසියා (ඉන්දියාව) සහයෝගීතාව සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීරයේ” හෙතෙම කීය.

පාකිස්තානය නිදහස ලබා මේ වනවිට වසර 73ක් ගෙවී ගොස් තිබේ. ඉන් අඩකට වැඩි කාලයක් පාකිස්තානයේ පාලනය හොබවා ඇත්තේ එරට හමුදාව යි. පාකිස්තාන හමුදාව ඉතා බලවත් වන අතර ගෙවීගිය දශක හතක කාලයේ දී පාකිස්තානයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය පාලනය කර ඇත්තේ ද පාකිස්තානය යි.

ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම උතුරු කාශ්මීරයේ කොටස් පාලනය කරයි. කෙසේ නමුත් හිමාලයානු කලාපයේ පිහිටි සම්පූර්ණ කාශ්මීරයට ම දෙරටම හිමිකම් කියයි. දෙරට අතර අර්බුදයට මූලික හේතුවක් වී ඇත්තේ ද මෙම කාශ්මීර ප්‍රදේශය යි.

කාශ්මීරයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබු විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දියාවේ වත්මන් ආණ්ඩුව වන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෙරට අතර අර්බුද උත්සන් විය.

දකුණු සහ මධ්‍යම ආසියාවේ පූර්ණ ආර්ථික හැකියාව ඉන්දු-පාකිස්තාන අර්බුදයේ “දීර්ඝකාලීන ප්‍රාණ ඇපකරුවකු” වී ඇතැයි ද පාකිස්තාන යුද හමුදාපතිවරයා මෙහිදි කීවේය.

මතභේදාත්මක කාශ්මීර දේශසීමාවේ සිටින ඉන්දු පාකිස්තාන හමුදා පසුගිය මාස කිහිපයේදී සිය වතාවකට වැඩියෙන් එකිනෙකාට දෙසට වෙඩි හුවමාරු කරගත්හ. කෙසේ නමුත් පසුගිය මස 25 වැනිදා දෙරටේ හමුදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන බව එහිදි සඳහන් කළේය.

දෙරටේ එම ක්‍රියාමාර්ගය විගස පිළිගැනීමටත් ඊට ප්‍රංශසා කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය එම අවස්ථාවේදී පියවර ගත්තේ ය. ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ද ඇමෙරිකාව එහිදි දෙරටට දැන්වීය.

ඇමෙරිකාවේ නව පරිපාලනය කෙරෙහි තමන් බලාපොරොත්තු තබා ඇතැයි ද පාකිස්තාන හමුදාපතිවරයා මෙම සමුළුවේ දී කීය.

ජනාධිපති බයිඩන්ගේ නව පරිපාලනයට කලාපය තුළ සාමය ඇති කිරීම සඳහා පහසුකම් සැපයිය හැකි යැයි ද හෙතෙම කීවේය.

(රොයිටර්)



අදහස් (0)

එදිරිවාදිකම් පසෙකලා එකමුතු වෙමු - පාකිස්තාන යුද හමුදාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site