
නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
ඇමෙරිකා ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේත්, ඔවුන් දෙදෙනාගේ සහායකයන් වන උප ජනාධිපතිවරුන් දෙදෙනා අතරේත් සජීවී විවාද පැවැත්වීම සම්ප්‍රදායයි.
කෙසේ නමුත්, ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය මෙන් නොව, උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය සඳහා වැඩි අවදානයක් යොමු වන්නේ ද නැත. එසේ වුවත්, සම්ප්‍රදායට අනුව විවාදය පැවැත්වෙයි.
මෙවර ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ජේ.ඩී. වෑන්ස්ය. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්, ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ටිම් වොල්ට්ස් ය.
40 හැවිරිදි ජේ.ඩී. වෑන්ස් සහ 60 හැවිරිදි ටිම් වොල්ට්ස් අතරේ මිනිත්තු 90 ක් තිස්සේ පැවැති විවාදය, සජීවීව සී.බී.එස්. පුවත් නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි. ජේ.ඩී. වෑන්ස්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට අනුවත්, ටිම් වොල්ට්ස්, කමලා හැරිස්ගේ ප්‍රතිපත්තිවලට අනුවත් අදහස් පළ කළහ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd