
උතුරු කොරියාවේ තවත් උණ රෝගීන් 21 දෙනකු ගතවුණු පැය 24 ඇතුළත මියගිය බවත්, ඔවුන් මියගියේ කොරෝනා ආසාදනය වීමෙන් යැයි සැක කරන බවත් උතුරු කොරියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
උතුරු කොරියාවේ දරුණු උණ රෝගයක් ව්‍යාප්ත වීමට පටන් ගත්තේ පසුගිය අප්‍රේල් මාසයේය. නිසි සෞඛ්‍ය පහසුකම් සහ පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් අන්දමින් නොමැති බැවින් එම උණ රෝගීන් කොරෝනා ආසාදිතයන් දැයි තහවුරු කර ගැනීමට හැකිවී නැත.
අහඹු ලෙස කළ සියලුම පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ උණ රෝගයක් ලෙස පැතිරෙන්නේ 'කොවිඩ් 19' ඔමික්‍රෝන් ප්‍රභේසය බවය. ඊයේ (13) දිනයේ පමණක් උතුරු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,74,440 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 21 ක් ලෙසිණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd