ඉන්දු සහ ඇමෙරිකානු විදේශීය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
නිශ්චිත දින තවමත් සැලසුම් කර ඇති බවත් කෙසේ නමුත් ලබන නොවැම්බර් මාසයේ දී දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ඉකුත් සිකුරාදා පැවැසීය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් දින තුනක ඇමෙරිකානු සංචාරය අවසන් කරමින් පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එම අදහස් පළ කළේ ය.
සිය ඇමෙරිකානු සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ජෝ බයිඩන් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා කර අතර ඒ අතරවාරයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
අවසන් වරට මේ ආකාරයේ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.
මේ අනුව ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇමෙරිකානු ඒ මට්ටමේ නිලධාරීන් දෙදෙනා වන රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමු වී සාකච්ඡා පැවැත්වීම නියමිත ය.
ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉන්දු-ඇමෙරිකානු ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
(ඒ.එෆ්.පී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුනා කියනවා වගේ කියන්නම් එක්කෝ ඇමරිකාවට වැඩේ දෙන්න නැත්නම් ලංකාවට වැඩේ දෙන්න ඔය ලෑස්තිවෙන්නේ.