IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය දුම්රියක් පීලි පැනලා

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, සීඝ්‍රගාමී මගී දුම්රියක් පීලි පැනීමෙන්, 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි. තුවාල ලැබූ 10 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තවත් ඉහළ යා හැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය පීලී පැනීම සිදුවූයේ ඊයේ (13) සවසය.

පිලී පැනීමට ලක් වූයේ 'ගුවහාතී-බිකනේර්' සීඝ්‍රගාමී දුම්රියයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ බටහිර බෙංගාලයේ ජල්පිගූර් දිස්ත්‍රික්කයේ මයිනගූරි නගරයට ආසන්නයේය. දුම්රිය ගුවහාතී නුවර බලා ධාවනය වෙමින් තිබුණි.ෙ

පීලි පැනීමට ලක්වෙද්දී, දුම්රිය මැදිරි කීපයක් විසි වී එක පොදියට ගොඩ ගැසුණු බවත්, තුවාල ලබා ඒවා තුළ සිරවුණු මගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, ඉන්දීය දුම්රිය කටයුතු ආමාත්‍ය අෂ්විනී වෛශ්‍යනාව් මාධ්‍ය හමුවේ පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවුණු මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමට 'ගෑස් කටර්ස්' කැපුම් යන්ත්‍ර යොදා ගැනීමට පවා සිදුවුණු බව ද වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් 16 දෙනකු කඩිනමින් මයිනගූරි රෝහලට යැවුණු බවත්, සෙසු සුළු තුවාලකරුවන් බටහිර බෙංගාල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කීපයකට යැවුණු බවත් වාර්තා වේ.

අනතුර සැලවුණු සැණින් දුම්රිය මාර්වල දුම්රිය ධාවනය අත්හිටවුණු බවත්, තුවාලකරුවන් මුදා ගැනීමට තවත් දුම්රිය දෙකක් අනතුර සිදුවුණු ස්ථානයට කඩිනමින් යැවුණ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

අනතුරින් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් ද බරපතල තුවාල ලැබූවන්ට ලක්ෂයක් සහ සුළු තුවාලකරුවන්ට ඉන්දීය රුපියල් 25,000 ක් ලබා දෙන බව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

අනතුර සිදුවෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රාන්ත මහ ඇමැතිවරුන් සමඟ හදිසි හමුවක් පවත්වමින් සිටියේය. ඒ, ඉන්දියාවේ දිනෙන් දින ඉහළ යන 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි. එම හමුවට බටහිර බෙංගාල මහ ඇමැතිනී මමතා බෙනර්ජි ද සහභාගී වී සිටියාය.

දුම්රිය අනතුර ගැන දැන ගැනීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ බටහිර බෙංගාල මහ ඇමැතිනිය අතරේ ඒ සම්බන්ධයෙන් විශේෂ කතාබහක් ද පැවැත්විණි.

මහ ඇමැතිනිය ජල්පයිගූරි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් දී අනතුර සම්බන්ධයෙන් සියලු විස්තර දැනගෙන ඒ සියල්ල අග්‍රාමාත්‍ය මෝදිට පැවැසුවාය. අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ට්විටර් පණිවුඩයක් හරහා ශෝඛය පළ කර තිබේ.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඉන්දීය දුම්රියක් පීලි පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site