IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 7 කි.

වෙඩි තැබීම සිදුවූයේ රිච්මන්ඩ් නුවර, ඇල්ටි්‍රයා රඟහල ඉදිරිපිටය. එම අවස්ථාවේ උසස් පාසලක උපාධි ප්‍රදානෝත්සවයක් රඟහලේ පැවැත්වෙමින් තිබුණි.

වෙඩි තැබීම කළේ 19 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. ඔහු සතුව ගිනි අවි හතරක් තිබුණු බව පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී.

වෙඩි ප්‍රහාරයට ලක් වී මියගියේ 18 හැවිරිදි ශිෂ්‍යයකු සහ උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීමට පැමිණි 36 හැවිරිදි තැනැත්තකු බව පොලිසිය පවසා ඇත.

වෙඩි තැබිම සිදුවෙද්දී, බියට පත් වී එම ස්ථානයෙන් දුවන්න වූ 9 හැවිරිදි දැරියක වාහනයක ගැටී ඇති බවත් ඇගේ තත්ත්වය බරපතල නොවන බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site