සිරවුණු කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ උතුරු ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටී, ඒ තුළ සිරවුණු ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි දිවිගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. 24 November 2023
නවසීලන්තයට සන්ධාන රජයක් නවසීලන්ත මහ මැතිවරණයෙන් වැඩි ආසන දිනාගත් මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය, නව රජයක් පිහිටුවීමට කටයුතු කර තිබේ. ඒ, ඔවුන්ට හිතවත්, දක්ෂිණාංශික පක්ෂ දෙකක් හවුල් කර ගනිමිනි. 24 November 2023
ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. 24 November 2023
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අද නිදහස කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රියාත්මක වීමට නියමිතය. 24 November 2023
ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ? හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ. 23 November 2023
ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය. දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම ’හපන්කම’ කළේ රුසියාවේ සහාය ඇතිව බවය. 23 November 2023
චීනයෙන් තවත් වසංගතයක් ? නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 23 November 2023
සිවු දින සටන් විරාමයකට කැමැත්ත ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 22 November 2023
ඊශ්‍රායලයේ කැමැත්ත තවම නෑ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් කිරීමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කළ යෝජනාවට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති බවත්, ඊශ්‍රායලය ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නියමිත බවත් කටාර් විදේශ අමාත්‍ය මජිද් අල් අන්සාරි පවසයි. 22 November 2023
ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ. 22 November 2023
උතුරු කොරියාව ඔත්තු බලන චන්ද්‍රිකාවක් උඩ යවලා ඔත්තු නිරික්ෂණ චන්ද්‍රිකාවක්, උඩු ගුවනට යවා, එය ඉතා සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවීමට උතුරු කොරියාව සමත් විය. 22 November 2023
ඇල්බේනියානු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇල්බේනියාවේ පර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී, මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කරමින්, පාර්ලිමේන්තුවේ කලහ කරන්න වූ බවත්, ඔවුන් දුම් බෝම්බ යොදා ගනිමින් පාර්ලිමේන්තුවට පහර දුන් බවත් විදෙස් මාධ්‍ය පවසයි. 21 November 2023
දින 10 ක් තිස්සේ උමඟ ඇතුළේ සිරවෙලා ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදි කෙරෙමින් තිබූ උමං මාර්ගයක් කඩා වැටී, දින 10 ක් තිස්සේ, ඒ තුළ සිර වී සිටින කම්කරුවන් 41 ක් දෙනා බේරා ගැනීමට, තවමත් හැකියාවක් ලැබී නැති බවත්, නිරුපද්‍රිතව සිටින එම පිරිස කෙසේ හෝ මුදා ගැනීමට පියවර ගන්නා බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. 21 November 2023
චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති සාකච්ඡා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. රුසියන්-යුක්රේන අර්බුදය, උතුරු කොරියාවෙන් ලෝකයට එල්ල වන තර්ජන සහ ඊශ්‍රායල-හමාස් ගැටුම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය. 21 November 2023
මාෆියා සාමාජිකයන් 200 දෙනාට සිර දඬුවම් ඉතාලියේ මාෆියා අපරාධ කල්ලි සාමාජිකයින් 200 දෙනකු වරදකරුවන් කරමින්, ඉතාලි අධිකරණයක් ඔවුන්ට සිරදඬුවම් නියම කළ අතර, එම සිරදඬුවම්වල එකතුව වසර 2,200 කි. 21 November 2023
ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 November 2023
යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි. 21 November 2023
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් යුක්රේනයේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, කියා සිටියේ බයිඩන් පරිපාලනය තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක යුද ආධාර යුක්රේනයට ලබා දීමට තීරණය කළ බවය. 21 November 2023
කපිල් දේව් කනස්සල්ලෙන් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත. 21 November 2023
ගායිකා ෂකිරාට බදු වංචා චෝදනා ජනප්‍රිය කොලොම්බියානු ගායිකා ෂකිරාට බචු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බර්සිලෝනා නුවරදී පැවැත්වෙයි. 20 November 2023
බ්‍රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බ්නධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් බි්රතාන්යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ. 20 November 2023
බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. 20 November 2023
ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හවියේ මිලෙයි ය. 20 November 2023
ගාසා රෝහල යට මීටර් 55 ක් දිග උමඟක් ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි. 20 November 2023
ජිමී කාටර්ගේ බිරිඳ මියයයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිඳ රොසලීන් කාටර් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 96 කි. 20 November 2023
විශාඛාපට්නම් වරායේ ගින්නක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි. 20 November 2023
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 19 November 2023
ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය. 19 November 2023
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය. 19 November 2023
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ. 17 November 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026