IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි

ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය. 

මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්‍රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්‍රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බව ද පැවැසෙයි.

පාකිස්තානය චන්ද්‍රිකාව නිපදවූයේත්, එය අභ්‍යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙනි. චීනය අභ්‍යවකාශය ජයගත් ආසියානු රටකි. මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. ඉදිරියේ දී සඳ තරණයටත් චීනය සූදානම් වෙයි.



අදහස් (6)

පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි

Lalla Friday, 31 May 2024 12:24 PM

අපේ අභ්‍යාවකාශ විශේෂඥ රෝහිත රාජපක්ෂ උත්තමය යැව්ව චන්ද්‍රිකාව දැන් කොහෙද දන්නේ නෑ....රනිල් සර් විදේශ විනිමය හොයන්න ඒකත් ඇමරිකාවට වික්කද?

:       6       8

මරිසිපාල Friday, 31 May 2024 04:06 PM

නෑ නෑ ඒක දැන් ඔය අලුතින් සොයාගෙන තියෙන පෘථිවිය හා සමාන ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි ග්‍රහලෝකයට ආසන්නම වෙලා තියෙන්නේ. හෙට අනිද්දා එහි කක්ෂයට ඇතුල් වෙලා ගොඩ බෑමෙන් පස්සේ ලංකාවෙන් අරගෙන ගිය මුදලුත් එහි තැන්පත් කරන්න ඉඩ තියෙනවා. චිචී චික් චිචී චික්.ප්‍රවේශමෙන් ඉන්න මොකද සල්ලි බාලා ඉක්මනින් ආපසු එන්න පුළුවන්. තියෙන කීයක් හරි ගන්න බැරිවෙන්න තියන්න හොදේ?

:       1       8

Achini Friday, 31 May 2024 01:05 PM

අපේ චන්ද්‍රිකාව කොහේද දන්නේ නැහැ නේද ගියේ...?

:       2       11

බද්රානි Friday, 31 May 2024 01:12 PM

අපේ ලංකාවේ ගගන ගාමියා... ඩොලර් මිලියන තුන්සියයක් වියදම් කරලා උඩ ඇරපු රොකට් එක ගැන දැන් කාටවත් මතක නැහැ.... ඒක හොයා ගන්න බැරි තරමටම උඩට ගියා.. කාටද ආඩම්බර...?

:       2       18

sachith Friday, 31 May 2024 01:41 PM

ඕක නම් මොකක්ද? අපිත් එකක් උඩ යැව්වේ. යැව්වත් හරි වෙච්චි දෙයක් නෑ. මේ පාකිස්තාන් චන්ද්‍රිකාවෙන්වත් ඒක හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       1       12

Hafeel Friday, 31 May 2024 01:56 PM

මෙහෙ අපේ චිචීත් එකක් උඩ යැව්වා නේද? දැන් ඒක මැද මුලනේ අහසේ ගිහින් නතර වෙලා වගේ...!

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site