චීන ජනාධිපතිට බලයේ සිටිය හැකි කාලසීමාව ඉවත් කරයි ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉරිදා (25) ඉඩකඩ සකසා දුන්නේය. 26 February 2018
වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන් විදුලි බල සේවකයෝ සටනේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයන් 6 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කිරීමට විරෝධය පළකරමින් අද දහවල් ගාල්ල මාගාල්ල විදුලිබල මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. 26 February 2018
අභියාචනයේ තීන්දුව එනතුරු හිටපු අගවිනිසුරුට එරෙහි නඩු විභාගය අත්හිටුවයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා අභියාචනාධිකචරණ විනිසුරු නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ථාධිකරණය අත් හිටුවන ලදී. 26 February 2018
ගෝඨාභයගේ නඩුව යළිත් කල්යයි ගාල්ල වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 14.5 ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව විභාග කිරීම කල් තැබීමට අද කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 26 February 2018
වෙඩි තැබීමකින් බසයේ ගිය මගියා මරුට මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්ගත් අයෙකුට බස් රථයේ පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි. 26 February 2018
අගමැති නීතිය හා සාමය අතට ගත්තේ තාවකාලිකවයි - දුමින්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බවත් ඉදිරියේදී වෙනත් අයකු වෙත එම ඇමති තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියයි. 26 February 2018
ජනපතිට - අගමැතිට යළිත් සිතාසි පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රම සිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයට බලපෑ හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිටන ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් සිතාසි නිකුත් කළේය. 26 February 2018
ගුවන් ගමන් ප්‍රමාදයෙන් මගීන් අසීරුවට කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට තිබු ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානා කීපයක් (25) දින රාත්‍රිෙය් සහ අද උදැසන නියමිත වේලාවට පිටත් නොවිම හේතුවෙන් ගුවන් මගීහු පිරිසක් පැය 08 ක අධික කාලයක් අපහසුවට ලක්ව ඇතැයි එහි බළධාරියෙකු ලංකාදීපයට පැවසුවේය. 26 February 2018
මාධ්‍යවේදියාටත් පවුලේ අයටත් මැර ප්‍රහාරයක් මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බිරිඳට දරුවෙකු ට සහ ඥාති සහෝදරයෙකුට පහර දී පලා ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි. 26 February 2018
අජිත් පී පෙරේරාට හෙට තවත් ඇමතිකමක් බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ. ඒ මෙතෙක් ඔහු හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේය. 25 February 2018
රතු වරෙන්තු ගෙන ඩුබායි ගිය අය හිස් අතින් එති ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය. 25 February 2018
කොට්ටාවේ කඩයක ගින්නක් කොට්ටාව නගරයේ විදේශ රටවලින් යන්ත්‍ර සුත්‍ර ගෙන්වා අලවි කරන ස්ථානයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 25 February 2018
‘ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ යුතුයි’ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාල් හුසේන් කුමරු පවසයි. 25 February 2018
වවුනියාවේ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයෙක් මියයයි වව්නියාව රම්භකුලම් ප්‍රදේශයේ පිහිට රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් තුළ එහි සාමාජිකයකු මිය ගොස් සිටිය දී අද (25) දහවල් ඔහුගේ මළ සිරුර හමු වූ බව වව්නියාව පොලීසිය පවසයි. 25 February 2018
ශ්‍රී ලාංකිකයෙකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ. 25 February 2018
ප්‍රබල ඇමැතිවරු 4 ක් රට යති අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වු අද (25) දිනයේ ප්‍රබල ඇමැතිවරු සිව් දෙනෙක් විදේශ ගතවන බව වාර්තා වෙයි. 25 February 2018
දියතලාවට බෝම්බය ගෙන ආ සැරයන් මේජර් සුව අතට දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග කියයි. 25 February 2018
කටුකුරුන්දෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (25) උදේ සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 25 February 2018
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ධුරය හර්ෂට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස පත් කර තිබේ. 25 February 2018
කිරිඇල්ලගේ හා කබීර්ගේ ඇමැතිකම් මාරුවෙයි හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. 25 February 2018
හරීන්ට විදේශ රැකියා - සාගලට යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. 25 February 2018
නීතිය හා සාමය අගමැති යටතට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි 25 February 2018
කැබිනට් සංශෝධනය ඇරඹේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහභාගී විම සඳහා රජයේ අමාත්‍යවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ. 25 February 2018
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියයයි ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර මෙසේ මියගොස් ඇත. 25 February 2018
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් බී ධීවරයෙක් මරුට මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල මාගෙදර පදිංචි රනේපුර හේවගේ ගයාන් මධුශංක (29) නමැති අයෙකි. 25 February 2018
අද ඇමති හෙට මන්ත්‍රී වෙයි - අමරවීර හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය. 24 February 2018
පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 February 2018
බ්‍රිගේඩියර් ප්‍රියංක ආපසු ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය. 24 February 2018
උනා මැකෝලි දිවියෙන් සමුගනී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 24 February 2018
අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස් අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. 23 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026