සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාපෙළට අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපනය සාමාන්‍යපෙළ දක්වා අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 06 June 2018
‘රජයේ ආපනශාලා මගින් ගෙවිය යුතු බදු රජයට නොගෙවීමට තීරණයක්‘ රජයේ ආපන ශාලා මගින් ගෙවිය යුතු බදු මුදල් රජයට නොගෙවා සිටීමට සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 06 June 2018
අල්ලස් ගත්තැයි රේගුඅධිකාරීවරු සිව් දෙනාට එරෙහි නඩු විභාගය 22 දා සිට මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තබන ලදී. 06 June 2018
රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුව කල් යයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධුරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති ගැනුම්කරුවන්ගේ හමුව සඳහා මහා භාණ්ඩාගාරයේ චක්‍රලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 3622 ක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලදැයි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහි අල්ලස් නඩුව ලබන ඔක්තෝබර් 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 06 June 2018
බැසිල්ට එරෙහි නඩු විභාගය නොවැම්බර් 01 දා සිට ජනාධිපතිවරණ සමය ආසන්නයේදී රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වැය කරමින් සෙවිලි තහඩු බෙදා දුන් බවට චෝදනා කරමින් හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පරා ඇති නඩුව ලබන නොවැමබර් මස 01 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා තීරණය කළේය. 06 June 2018
ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් කැබ් අනතුරකින් රෝහලේ හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 06 June 2018
හබරණදී බස් දෙකක් ගැටී 12 ක් රෝහලේ දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උප පොළට ආසන්නයේදී අද (06) අලුයම ධාවනය වෙමින් තිබූ පොද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවෝ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයෝ 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි. 06 June 2018
බාල වයස්කාර දැරියකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 12 යි මාස 6 ක් වන පාසල් සිසුවියකට අතවර කළ බව කියන 20 හැවිරිදි තරුණයකුව අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 06 June 2018
විදේශ මුදල් තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 05 June 2018
වීසා නොමැති නයිජීරියානු ජාතිකයෙකු ගාල්ලේදී අත්අඩංගුවට මෙරට රැදී සිටීමට වීසා නොමැති නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල දෙවට ප්‍රදේශයේදී අද (5) ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 June 2018
කැබිනට් රැස්වීමේ දී හකීම්-බදියුර්දීන් ගැටෙති නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුර්දීන් යන මහත්වරුන් අතර අද (5) පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 June 2018
වලතාපිටිය පුරාවිද්‍යා භුමිය විනාශ කළ 6 දෙනා රිමාන්ඩ් අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මනාය අසල පුරාවිද්‍යා භුමියක් විනාශ කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි ඇතුළු සැකකරුවන් හයදෙනා ජුනි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් මහතා විසින් නියෝග කළේය. 05 June 2018
ලක්ෂ 20 ක හෙරොයින් කලිසම් සාක්කුවේ ගලේවෙල නගරයේ දඹගොල්ල පොලිස් ජංගම මුර සංචාරයේ යෙදි සිටි නිලධාරින් පිරිසක් දැක පලා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමෙන් පසු ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ 20ක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මිලි ග්‍රෑම් 25240ක් අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි. 05 June 2018
රට ආරක්ෂා කරගැනීමට ජන පවුරක් ඕනෑ - ඉනාමළුවේ හිමියෝ කියති රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන් උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටේ හෙට දවස විශාල අනතුරකට මුහුණ පාන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ අද (05) පැවසූහ. 05 June 2018
පෑලියගොඩ ගුවන් පාලමේ වසා දමා තිබූ මංතීරු දෙක විවෘත කෙරේ කැලණිය - පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා තිබූ මංතීරු දෙක මේ වන විට යළිත් ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර ඇති අතර ඉතිරි මංතීරු දෙකෙහි අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් අද (5) සිට රාත්‍රී 10.00ත් අලුයම 4.00ත් අතර කාලයේදී වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා පැවසීය. 05 June 2018
කතානායකට ලැබුණේ ලේඛන වල කොටසක් පමණලු අර්ජුන ඇලෝසියස් සමඟ ගනුදෙනු කළ බව කියන මන්ත්‍රීවරුන් ගැන විස්තර ඇතුළත් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් දැනට ලැබී ඇත්තේ කොටසක් පමණක් හෙයින් සම්පුර්ණ ලේඛන ලැබුණු විගස ඒවා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) දැන්වීය. 05 June 2018
මලික්ට බන්දුලගෙන් අභියෝගයක් ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රම මහාතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (5) පැවසීය. 05 June 2018
ටී.එන්.එල් පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තියයි ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබේ. 05 June 2018
නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය 05 June 2018
රුපියල් කෝටි 50 ක කිරිපිටි භාවිතයට නොගත හැකි තත්ත්වයක මිල්කෝ අයතනය සතු රුපියල් කෝටි 50 ක පමණ වටිනාකමකින් යුතු කිරිපිටි තොගයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය අද (05) පරීක්ෂණයක් අරඹා තිබේ. 05 June 2018
එජාපයේ නව උපසභාපති මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත් කරනු ලැබ තිබේ. 05 June 2018
වසර 23 කට පෙර නිවෙස් හිමිකාරිය මරා දැමී යැයි මෙහෙකාරියට මරණ දඬුවම නිවෙස් හිමිකාරිය මරා දැමීමේ චෝදනවට වරදකරු වු නිවසේ මෙහෙකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (05) මරණ දඬුවම නියම කළේය. 05 June 2018
‘පර්පචුවෙල් සමාගමෙන් කිසිදු ප්‍රතිලාභක් නොගත් බවට කතානායකට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා‘ බැදුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවෙල් සමාගමෙන් හෝ ඊට අදාල වෙනත් සමාගමකින් කිසිදු ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ප්‍රතිලාභයක් ලබානොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් කථානයක කරු ජයසුරිය මහතාට අද (05) පස්වරුවේ භාරදුන් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය 16 දෙනාගේ කණ්ඩායමේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පැවසිය. 05 June 2018
හේම නලීන් කරුණාරත්න සමුගනී ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා (55) මීට සුළු මොහොතකට පෙර හදිසියේ අභාවප්‍රාප්ත විය. 05 June 2018
‘හරිත වැලි තොටුපොළ‘ සංකල්පය මහවැලි ගඟ අසබඩින් ඇරැඹේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වැලි කැණීම් සිදුකරන සියලුම වැලි තොටුපොළවල් ‘හරිත වැලි තොටුපොළ සංකල්පයට‘ යටත් විය යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි. 05 June 2018
විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා විල්පත්තු අභය භූමිය ආශ්රිත රක්ෂිත භූමිය ආශ්රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි. 05 June 2018
දුමින්දගේ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අවසන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් පප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියමූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු තමන් එම දඩුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අදින් (05) අවසන් කෙරිණි. 05 June 2018
නියෝජ්‍යය කතානායක ධුරයේ ඡන්ද විමසිම ඇරඹේ නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් ලැබී ඇති බැවින් මේ මොහොතේ රහස් ඡන්දයකට යාමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. 05 June 2018
මව්කිරිවලත් ග්ලයිෆොසෙට් ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ දී ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් ලෙස නම් කොට ඇතැයි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් රෝහලේ වෛද්‍ය අධිකාරී, ලෝක බැංකුව හා යුනිසෙෆ් සංවිධානවල උපදේශකවරයෙකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. 05 June 2018
අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගය කල් යයි මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගය සැප්තැම්බර් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. 05 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026