(ඩයනා උදයංගනී)
ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත නවීන තාක්ෂණික උපකරණ ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මේ යටතේ මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණික උපකරණ ලබාගැනීමට නියමිතය.
මෙම උපකරණ මිලදී ගැනීම සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී තිබේ.
පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදීද එල්ල විය හැකි බැවින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව"
දැන් නම් කාලෙකට මගීන්ගේ ගමන් මලු සහ ඒවායේ තිබු බඩු අතුරුදහන් වෙන එකක් නැහැ. ලංකාවට එන ගුවන්මගීන්ගේ ගමන් මලු වල තිබෙන දේවල් අතුරුදන් වීම අනාධිමත් කාලයක පටන් පැවතුන ලජ්ජා නැති වැඩක්.
ගුවන් තොටුපොළේ මගීන් සහ බඩු නිසි ලෙස පරීක්ෂා කලා නම් මෙච්චර පුපුරන ද්‍රව්‍ය රටට එන්නේ නෑ. එහෙම උනානම් පාරක් පාරක් ගානේ ත්‍රිවිධ හමුදා දන්නා ඕනත් නෑ. ජන ජීවිතය අවුල් වෙන්නෙත් නෑ. වෙන රටවල් වල රේගු පරීක්ෂාව හරිම උසස්. අනවසර බඩු අදුනා ගැනීමට සුනකයන් පවා යොදවනවා. ඒ වගේම වී අයි පී අය විශේෂයෙන් පරීක්ෂාවට ලක් කළ යුතුයි.
මේනක සහ අජිත් ඔබ දෙදෙනාගේම අදහස් නිවැරදිය. සෑම තැනකම "වංක" නිලධාරීන් වැඩිපුර සිටීමත් මෙවන් රටේ ආරක්ෂාවට හානිවෙන දේවල් සිදුවීම වැළැක්වීම කළ නොහැකිය.
ගුවන්තොටුපල ආරක්ෂකයින් සහ වෙනත් බොහෝ කාර්ය මණ්ඩලය බහුතරය මුස්ලිම් ජාතිකයන් බව මට 2016 යමෙක් කියුව බව සිහිවෙනවා. මෙම තත්වය වරාය, රේගුව වගේ තැන්වලටත් පොදුයි. මෙම මුස්ලිම් ජාතිකයන්ගේ පසුබිම පරීක්ෂා කළ යුතුයි..
දැන් පටන් දියවන්නාවේ 225 දෙනට දෙන දීමනා මේ දේවල් නතර කරන්න. සැප වාහන, මේ මුදල් සියල්ලක්ම යොදවා මෙම යන්ත්‍ර රෝහල්වලට, පාසල් වලට ජනතාව වැඩියෙන් පැමිණෙන ආයතන... මේ සියල්ලටම සවිකරන්න 225ට ලැබෙන ආරක්ෂාවට වඩා මේ යන්ත්‍රයෙන් ලැබෙන සේවාව ඉස්තරම් කිසිම මන්ත්‍රී සේවා කාර්යාලවලට මෙම යන්ත්‍ර සම්පූර්ණ තහනම්... දුප්පත් ජනතාවගේ මුදලින් වැජඹෙන මොවුන්ට මොන ආරක්ෂාවද? ඊට වැඩිය වටිනවා පාසල් දරුවන්...
මොන උපකරණෙ ගෙනාවත් පලක් නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නේ අල්ලස් ගන්න නිලධාරියෝ නම්