(ඩයනා උදයංගනී)
විදේශයන්ගෙන් මෙරටට පැමිණ ආගමික දේශන පවත්වන 800ක පමණ පිරිසක් සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඔවුන් වහා මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙවන් පිරිස් සිය දේශන ඔස්සේ අන්තවාදී අදහස් ප්‍රචාරය කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටද කියන්නේ?
තමන් රජයේ ඇමති කෙනෙක් නම් කාගෙන්වත් ඉල්ලනේ නැතිව ඉල්ලා අස්වෙන්න. ඔබ දැන් ඉන්නේ වැරදි පිරිසක් සමග.
වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා කියන්නේ හරියට මහජනතාව ඒ කටයුත්ත කරන්න ඕනේ වගේ
අපිට කියලා වැඩක් නැහැ....... ඔබ තුමා කැබිනට් එකේ ඉන්නවානේ....... ඒකින් ඕක අහන්න...... බොරුවට ප්‍රශ්න කියන්නේ නැතිව.......
ඕක කියන්න මෙච්චර දවසක් ගියේ ඇයි ..?මෙකත් හංගාගෙන හිටියා නේද..? පව් අප්පා
විලි ලැජ්ජයි රණවක ඇමතිතුමා, ඔබතුමාලා මේවා දැන් ද දන්නේ - එහෙමත් නැත්තනම් ත්රස්තවාදීන් ඇවිල්ලා මෙච්චර අපරාධයක් කරනකල් බලාගෙන හිටියද? - මම මේ රටේ ඉපදිලා මහ පොලොවේ පය තියලා අවිදින රට වැසියෙක්. අපිට මේ ගැන කියන්න කෙනෙක් හිටියේ නැහැ. රටේ "බහුතර ජනතාව" නොසන්සුන් වෙනකොට රටේ දේශපාලකයෝ ජනපීඩන නිති ගෙනල්ල ඒ මිනිස්සුන්ව බය කරා ජාතිවාදීන් කියලා. ඔබතුමන්ලාගේ අශිලාචාර-අශිෂ්ට දේශපාලනය වෙනුවෙන් මේ රටේ අහිංසක දරුවන්ගේ අනාගතය විනාශකරන්න එපා!
මේ තරම් කපටි කෙනෙක් දේශපාලනයේම නැතුව ඇති . වාසි පැත්තට වචන හරවන්න මෙයාට තරම් කාටවත් බැහැ . මේවත් අපිට කියන්නේ ආණ්ඩුවේ ඉඳගෙන සියළුම වරප්‍රසාද ලබාගන්න ගමන්
අහිංසක මිනිසුන් ඝාතනය කරලා දැන් ලොකුවට පොර වෙන්න හදනවා. තවත් බොරු නොකර, ඔය නඩේම අස් වෙලා මක බැවිල ගියොත් රටටම සෙතක්. ඡන්දෙදි ඇපත් නැත.
සියලුම බලධාරීන් වෙත මෙවා මයික් ඉස්සරහට ඇවිදින් ජනතාවට කියලා වැඩක් නැත අපට කරන්නට දෙයක් නැත. මෙවැනි දේ සම්බන්ධ යම් පියවරක් ගෙන එහි ප්‍රතිඵලය අපට කියන්න. ඉදිරි ඡන්දයකදී ප්‍රයෝජනවත් වේවි.
මෝඩ කතා කියන්න එපා ඇමතිතුමෝ ඕව කියන්න ඔය ඉන්න ආණ්ඩුවට අපිට කියන්නේ මොකටද ඔය කරපු දේට ඔයත් හවුල් කාරයෙක් තමයි.
මේක කලින් දැනන් හිටියේ නැතුව වගේනෙ කතාව
මේ ඇමතිය තමයි බොරැල්ල - පාර්ලිමේන්තු පාරේ ගමන්කළ මෝටර් සයිකල් තරුණයෙක් යට කරලා, බොරු කියා, "ජරාපාලනයට" පින් සිද්ද වෙන්න, අදත් ඇමතිකම් කරන්නේ... එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන... දෙන්නේ ඡන්දෙ නෙවෙයි.
අපිට කියලා මක් කරන්නද? එවර හරි ක්‍රියාමාර්ග ගන්න තමයි මහජනතාව විසින් පත්කරලා පාර්ලිමේන්තුවට එව්වේ. නැතුව වාචාලකමට කියවල ඡන්ද වැඩිකරගන්න නොවේ. දෙන බදු පඩියට සාධාරණව වැඩ කරන්න..!!!