(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
වැල්ලම්පිටියේ සිට පැමිණ තංගල්ල නගරයේ සැරිසැරූ මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ වැල්ලම්පිටියේ පිහිටි තම නිවසේ සිටි අය සමඟ අමනාප වී කොළඹ සිට තංගල්ල බලා බස් රථයකින් පැමිණ ඇති බවයි.
51 වැනි වියේ පසුවන සැකකරු සන්තකයේ තිබී මුදලින් රුපියල් 2, 97, 000 ක් ද විදේශ ගමන් බලපත්‍රයක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට නුදුරින් සැරි සරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පිළිබඳව පොලීසිය වැඩිදුරටත් විමර්ශන කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර සියල්ලටම කලින් , කොලොන්නාවත්, වැල්ලම්පිටියත් චෙක් කරන්න...