මුහුණු පොතෙන් ධනවත් තරුණියන් රැවටු අයෙක් අත්අඩංගුවට මුහුණු පොතේ දිනුම් ඇදීමකින් ත්‍යාගලාභියකු බවට පත්ව ඇති බව පවසමින් ධනවත් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අද (24) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 24 September 2018
ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම් ශ්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 24 September 2018
මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලංකාවෙන් සුබපැතුම් මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයගත් එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලිට ශ්‍රී ලංකාව ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 September 2018
හරි වැරැද්ද පෙන්වාදීමට ගිය මන්ත්‍රීට පහරදී රෝහලේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතාට පහරදීමකින් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කර ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 24 September 2018
යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට හෝමාගම - මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී අද (24) යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 24 September 2018
මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන් මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 24 September 2018
මාලදිවයිනේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කිරීම ඇරැඹේ මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වී ඇත. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (23) පැවැත්වුණු අතර එය පස්වරු 4ට අවසන් වීමට නියමිත වූවත් පස්වරු 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසට සිදුවිය. 23 September 2018
අගමැතිගේ කමිටු යෝජනාවට ආණ්ඩුවේ දෙමළ පක්ෂවල විරෝධය පළාත් සීමා නිර්ණ සමාලෝචනය තවත් මාස දෙකකින් කල් දැමීමේ අගමැතිවරයාගේ කමිටු යෝජනාවට දැඩි විරෝධය දක්වන බව ආණ්ඩුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පවසති. 23 September 2018
බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 23 September 2018
දක්ෂිණ අධිවේගයේ වෑන් රියක් පෙරළී හතරකට තුවාල පුද්ගලයන් 14 දෙනකු ගමන් ගත් වෑන් රියක් අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 26.2 කණුව අසල කළුතර දකුණ ප්‍රදේශයේ දී පෙරලීමෙන් කාන්තාවන් හතර දෙනකු කුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 23 September 2018
ලූල්කඳුරේ බඹර ප්‍රහාරයකින් 20ක් රෝහලේ ලංකාවේ ප්‍රථම තේ වත්ත වන ලූල්කඳුර තේවත්ත නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකට අද (23)සවස එල්ල වූ බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකු පමණ දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. 23 September 2018
මෝටර් රථය දුම්රියේ ගැටී බිලිඳියක මරුට - හතරකට තුවාල කොග්ගල ගුඩුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රියේ අද (23 ) සවස ගැටුණු මෝටර් රථයක් ගැටීමෙන් මාස දෙකක් වයසැති බිලිඳියක මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 23 September 2018
ආසියානු අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම අඩුයි ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 23 September 2018
ශ්රීලනිපය ගැන කළකිරී ජෝන් මහින්ද සොයා යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 23 September 2018
දෙමළ සන්ධානයෙන් ඡන්දෙට එන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසියක් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය තුළ වෙනසක් සිදුව එම සන්ධානය මෙරට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසට ලියාපදිංචි වූයේ නම් පමණක් තමන් එම සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයාව තරග වදින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සදහන් කරයි. 23 September 2018
හික්කඩුවේ වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට හික්කඩුව තැපැල් කාර්යාලය අසලදී අද (23) සවස 2.50 ට පමන වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයකර ඇතැයි හික්කඩුව පොලිසිය පැවසීය. 23 September 2018
ත්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබේ. 23 September 2018
අවුරුදු 34 කට හැඳුනුම්පත් අංක 3 ක් වසර තිස් හතරක කාලයක් තුළදී ජාතික හැදුනුම්පත් අංකය තෙවරක් වෙනස්වූ ව්‍යාපාරිකයකු සිව්වැනි වතාවටත් නිවරදි අංකයක් සහිත හැදුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී හමුවිය. 23 September 2018
ගුරුගල්ඔය ජලාශයේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන් වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි. 23 September 2018
ලොරිය ප්‍රපාතයකට පෙරැළි එකම පවුලේ 4ක් රෝහලේ පැලවත්ත තිනියාවල මාර්ගයේ 6 කණුව වංගුවේ දී අද (23) දින පස්වරුවේ ලොරියක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන්ගත් ගමන් ගත් එකම පවුලේ සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. 23 September 2018
නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට අසු වි ගසාගෙන යද්දි එහි රාජකාරියේ නියුතු ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු තිදෙනෙකු විසින් බේරාගනු ලැබුහ. 23 September 2018
නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ 26 වැනිදා පෙරවරුව 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත. 23 September 2018
මීගොඩ ආරක්ෂක කමිටු සභාපතිවරයාට මැර ප්‍රහාරයක් ආරක්ෂක කමිටු රැස්වීමකට සහභාගි වන ලෙස දන්වා ජනතාව දැනුවත් කිරීමේ යෙදී සිටි මීගොඩ හේනවත්ත ආරක්ෂක කමිටුවේ සභාපති රංජිත් ආනන්ද මහතාට එම රැස්වීම පැවත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලද කිසියම් පිරිසක් විසින් අද (23) දින දහවල් අමානුෂික ලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබූ කමිටු සභාපතිවරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි 23 September 2018
නායයෑම් සිදුවන ප්‍රදේශවලට ඔරොත්තු දෙන නිවසක් නායයෑම් අධි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් සඳහා ආපදාවන්ට ඔරොත්තු දෙන පෙර සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදිකිරීමට වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 23 September 2018
වෙඩි තැබීමකින් අයෙක් මරුට රන්න වාඩිගල වාහන සේදුම්කරන මධ්‍යස්ථානයක අයිතිකරුට (23) දහවල් යතුරුපැදියකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා කඩුවකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් පසු තංගල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය කියයි. 23 September 2018
විදුලිය අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට සහනයක් විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට එල්. ඊ. ඞී විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කොළඹදී පැවැසීය. 23 September 2018
හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් දහතුන් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දෙමටගොඩ සුපිරි වෙළෙද සලක් අසළදී අත්අඩංගුවට ගෙන තිබේ. 23 September 2018
කැකණදුරදී වාහන සැපයුම් ආයතනයකට වෙඩි ප්‍රහාරයක් කැකණදුර කොකාවල ප්‍රදේශයේ වාහන සේවා සපයන ආයතනයකට අද (23) උදෑසන කඩා වැදුණු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙළඳසල හා එහි නවතා තිබු අධි සුඛෝපභෝගී බසයකට වෙඩි තබා සේවකයින් බිය ගන්වා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 23 September 2018
සංචාරක නිකේතනයේ තෙවැනි මහලින් වැටී චීන කතක් මරුට නුවරඑළිය සංචාරයක් සදහා පැමිණි චින ජාතික කාන්තාවක් ඇය නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහළට වැටි මියගොස් ඇති බව පොලීසිය පවසයි. 23 September 2018
කහඉර මත යතුරුපැදි අනතුරින් අයෙක් මරුට කුරුණෑගල හලාවත මාර්ගයේ කොක්කාවිල හංදියේදී අද ( 22 දා ) රාත්‍රි පමණ පාර හරහා කහ ඉර මතින් ගමන් කළ පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි . 22 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026