IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක්

( ඉන්දිකා රාමනායක)

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක විරෝධතාවක් හේතුවෙන් පුරහල හා  අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තද බදයක් හටගෙන ඇත.

ඉල්ලීම් කිහිපයක්  මුල් කරගනිමින්  අනධ්‍යන සේවකයෝ මෙම විරෝධතාව අරඹා තිබේ.

විරෝධතා පාගමන නිදහස් චතුරඝ්‍රයේ සිට  පුරහල ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන් ගත්හ.

විරෝධතාකරුවෝ වෝඩ් පෙදෙස අවහිර කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන අතර මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා ඇත.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

(වීඩියෝ  - ප්‍රින්ස් රත්නායක)



අදහස් (5)

විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක්

lalithm Wednesday, 18 September 2019 08:46 AM

මේ ඔක්කොම රැකියා අතහැරා ගියා සේ සලකලා කොන්ත්‍රාත් පදනමට කාට හරි ඔය සේවාව බාරදුන්නා නම් මොන කරදරයක් වත් නැහැ. රටට හොඳයි. ඔවුන් කරන මහදෙයක් නැහැ. 1980 ජේ. ආර්. කළ දේ හරියටම හරි...

:       145       150

vernonWednesday, 18 September 2019 09:30 AM

ඔබටත් ඔබේ පාලකයා ගැන අසාධාරණයක් වූ විට ඔබ මේ රට හා ලෝකය අතහැරලා යන පිටසක්වලයෙක් ලෙස සලකනවාට කැමතිද?

:       20       18

චන්දන wuslWednesday, 18 September 2019 02:45 PM

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ අාවාට ගියාට කුලියට ගන්න පුලුවන් අය නෙවෙයි සහෝදරයා.. දැන් ගන්නේ හොඳම සුදුසුකම් තියෙන අය විතරයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය නැතුව ශිෂ්‍යයින්ට ඉගැන්වීම් කටයුතු කරන්න කොහෙත්ම බෑ.. ඔවුන් ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යයන කටයුතු, ප්‍රායෝගික කටයුතුවලට සහයෝගය දීම සහ සියලු පරිපාලන නඩත්තු කටයුතු සහ ශිෂ්‍යයින්ට අවශ්‍ය සියලුම පහසුකම් සම්පාදනය කරන්නෙත් ඔවුන්.. අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන්නේ ඉගැන්වීම විතරයි අවබෝධයක් නැත්නම් අදහස් දක්වන්න එපා ජනතාව නොමග යනවා..

:       19       7

Devaka Wednesday, 18 September 2019 09:47 AM

විශ්ව විද්‍යාලේ මුලින් බැඳුණු 8ත් පාස් නැති සුළු සේවකයින්ට Rs. 45,000ට වැඩිය ගන්නවා. කට්ට කාලා කැම්පස් ගිය කෙල්ලෝ, කොල්ලෝ ගුරුපත්වීම් ලබාගෙන Rs. 32500 වඩා... විශ්ව විද්‍යාලවල ඉන්න බොහෝමයක් 90% ලැබෙන වැටුපට වැඩ කරන්නේ නැහැ. මම එය හොඳටම දන්නවා.

:       73       85

sanaWednesday, 18 September 2019 11:37 AM

සුළු සේවකයා කියන්නේ කවුද දේවක? හැමෝම කරන්නේ වැඩ. 8 පාස් නැති මනුස්සයා වඩු වැඩ, මේසන් වැඩ, රියදුරු වැඩ කරලා දැන් වසර ගණනාවකට පස්සේ උසස්වීම් ලබලා අද රස්සාවට යන උපාධිධාරියාට වඩා අඩු වැ‍ටුපක් ගන්න ඕනෑද?

:       13       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 20 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 16 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site