(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම් කරේ.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියලු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.
ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව හෙට (සෙනසුරාදා) වන විට තමන්ට ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි සජිත්ව ඇහැරවනවද? පොරට හොඳට ජනාධිපති හීන බලබල නිදි. රනිල් ඕක සජිත්ට දෙන්නේ නෑ.
කිහිප දෙනෙක්ම ඉන්න නිසා අපේක්ෂකයෙක් වෙනුවට අපේක්ෂක මණ්ඩලයක් පත් කරමුද? (නායකත්ව මණ්ඩලය වගේ !)
කරූ කියන්නේ මෙලෝ රහක් නැති කෙනෙක්.
ලබන අවුරුද්දේ කරුට අවුරුදු 80... දැන් යන එන තැනකට වැඩ කරගත්තොත් හොඳයි. තණ්හාය ජායති සෝකෝ...!!!
අපේක්ෂකයා තෝරගන්න කල්මරණ අය රට හදන්නේ කොහොමද?
අනේ ඇයි ඒ පිටරට ගිහින් ඉන්න ඇමතිවරුන්ට කරදර කරන්නේ? අන්තිම ට්‍රිප් එක එන්ජෝයි කරලා ආපුවාවෙකෝ. ඕකට කවුරු දැම්මත් වැඩක් නැති එකේ ඒ මිනිස්සු ඔහේ හිටපුවාවේ. ඔන්න ඔය පොර කන කවුරු හරි දාන්න අප්පා. ඒ මනුස්සයා කීයක් හරි නැතිකර ගන්නේ නැතැයි..
ප්රජාතන්ත්රවාදී පෙරමුණ ? හරි ලස්සනයි නේද නම හැබැයි එයාලා ඡන්ද තියන්න කැමති නෑ .ඡන්ද දායකයන්ගේ ප්රජාතන්ත්රවාදය නැති වෙයි කියලා. හරියට හෙළ උරුමය මුළු හෙළයම විකුණන් කන අය එක්ක ඉන්නවා වගේ වැඩක්. සමහර ඡන්දදායකයෝ දේශපාලන අතකොලු නිසා මෙයාලව අනුගමනය කරනවා. ඔලුව තියන මිනිස්සුනම් හරිදේ තේරුම් ගන්නවා .
කවුරු ආවත් අනිවා ගෝටා දිනනවා. සම්ප්රදායක නායකයන්ට මිනිස්සු කැමති නෑ. වැඩ කරන්න පුළුවන් පොරක් ඕනි.
බලමු සිවිල් සහ බහුජන සංවිධාන වල ප්‍රතිචාර එක්ක සජිත්ට නම් දාමු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකත් අවුල්නම් නායකත්ව මණ්ඩලයෙන් කපලා දාමු.
සිසිර සහ ගාමිණි වෙත, හීනෙන් තමයි ගෝඨා... එයාට ඡන්දෙ දෙන්නේ බත් කන හරක්...
බදාදා කටක ලග්නෙට අසුබයි නේද?
මෙම ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නියෝජන කරන ප්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය තුළ හෝ එම පක්ෂයේ නායකයාට හෝ ප්රජාතන්ත්රවාදය නැහැ...
අලියා සහ හෙණ්ඩුව
ඇති යාන්තම් තීරණයකට ආවා. 25 වෙනකොට මොනවහරි කියයිද මන්දා...
ඡන්දෙන් ආ ඒකාධිපතියෝ සිමා නිර්ණ ඇති කළ නිසයි ඡන්ද තියන්න බැරි. ප්රජාතන්ත්රවාදී රටක විධායකය හා ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවයි.ජනතාව විවිධ පක්ෂ වලින් පත්කර යවන පාර්ලිමේන්තු නියෝජිත මත ගැටුමෙන් නොහොත් ජනතා මත ගැටුමෙන් සම්පාදනය වන නීති මගින් අධිකරණය හරහා උසාවි පොලිසි හමුදා රජයේ ආයතන වලින් සමවිත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වී සමස්ත රටවැසියා පාලනය වෙයි. තව ඇත්තේ දැනට ජනපති සතුව පවතින බලයත් සම්පුර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුකර ව්‍යවස්ථාවක් හැදීම පමණි.තේ රබර් පොල් අපනයන කර රටේ අදායම හොයාගත නොහැකි මේ යුගයේ අපනයනය සඳහා අපේ කිසිවක් ද නැත.එ් නිසා රටේ පැවැත්ම සඳහා ඇමරිකා චීන ඉන්දීයාව යන බල තරඟයෙහි සිටින අප රට කෙරෙහි උනන්දුව ඇති බලවතුන් ගේ ව්‍යාපාර අප රටේ ඇතිකර ඔවුන්ගෙන් රටට වියහැකි හානි පාලනය කිරීම හැර වෙන විකල්පයක් නැත. මේ බැරැරුම් කටයුත්ත රනිල් වැනි බුද්ධිමත් පාලකයින් ලවා කළ යුතුය. එය රට විකිණීමක් නොවේ.