ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට යයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි. 22 September 2018
A-9 මාර්ගයේ වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට යාපනය නුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය, ඉසින්බැස්සගල පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්නයේදී වල් අලි පහරදීමෙන් ඊයේ (21) රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය. 22 September 2018
දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්නක් දෙමටගොඩ දුම්රිය අංගණයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ. 22 September 2018
විරෝධතා මැද අත්තනගලු පාලම විවෘත කරයි අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය. 22 September 2018
බස් - වෑන් ගැටුමෙන් පස් දෙනෙකුට තුවාල සිදුවේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු වැන් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 22 September 2018
පොලිස්පති කල්මරමින් සිටි තීන්දු ක්‍රියාත්මක කරයි පොලිස්පති විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලදැයි කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළ තීන්දු තීරණ 10න් නවයක්ම අද (21) වන විට පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 21 September 2018
කෝටි හයකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට කෝටි හයකට අලෙවි කිරීමට තිබූ බව කියන ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගතව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමිනමක අද (21) මාතර දෙවිනුවර විහාරස්ථානය ආසන්නයෙදී කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 21 September 2018
ඇමැති මලික් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් ජර්මනියට ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සහ මෙරට අපනයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු ඉහළ පෙළේ දුත කණ්ඩායමක් ජර්මනිය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. 21 September 2018
සාක්කිකරු අසනීපෙන් - ජෙයරාජ් ඝාතන නඩුව කල් යයි හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට විරුද්ධව ඇති නඩුව ගම්පහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඔක්තොම්බර් 25 වැනිදාට කල් තැබීමට අද (21) නියෝග කළාය. 21 September 2018
මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක් හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවේදී අද සිදුකෙරිණි. 21 September 2018
ජනපති ඝාතන සිද්ධිය ගැන සීඅයිඩිය අටකගෙන් ප්‍රකාශ ගනී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකතන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු ඇතුළු අට දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. 21 September 2018
ජෝන් - අනුර - චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ. 21 September 2018
ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 9ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධානයකවරු නව දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ පත් කරනු ලැබූහ. 21 September 2018
බලපත්‍ර නොමැතිව ගෙන ආ මල් පැළ රේගු බාරයට නිසි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු මෙරටට ගෙන ආ මල් පැළ තොගයක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණය පිළිබඳ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 September 2018
ක්‍රිකට් ජය පරාජය දෙකේම වගකීම බාර ගන්නවා - ඇමැති ෆයිසර් ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය දෙකේම වගකීම තමා බාර ගන්නා බව ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 September 2018
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන පිළිතුරු දෙන්න ඇමැති පාර්ලිමේන්තුවේ නෑ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා සහ එහි නියෝජ්‍ය ඇමතිවරියන් දෙදෙනා ම මැතිසබයට අද (21) පැමිණ සිටියේ නැත. 21 September 2018
පෞද්ගලික පාසල්වල ගුරු ගැටලු විසඳන්න - ජෝසප් ස්ටාලින් රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට අද (21) පැවැසීය. 21 September 2018
අධි තාක්ෂණික කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ. 21 September 2018
සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණය මෙවර විභාගයට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රථම වරට මේ වසරේ සිට විභාගයට පෙර පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 21 September 2018
පළාත් කිහිපයකට වැසි වැඩිවීමක් පළාත් කිහිපයකට බල පා ඇති වැසි තත්ත්වයෙහි වැඩිවීමක් අනිද්දා (23) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2018
‘සයිටම් අලුත් තත්ත්වය ගැන ජනපති සමඟ සාකච්ඡා කරනවා‘ සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 21 September 2018
සිගරට් නිසා බිලියන 75ක් පිච්චිලා සිගරට් බදු මගින් ඉකුත් වසරේ රුපියල් බිලියන 107.4 ක ආදයමක් රජයට ලැබී ඇති අතර රුපියල් බිලියන 75 කට අධික මුදලක් සිගරට් නිසා සිදුවන හානි හේතුවෙන් වැය වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රය (ඇඩික්) පෙන්වා දෙයි. 21 September 2018
රවීට එරෙහි අවසන් තීන්දුව 28 වැනි දා බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීකෂණයන්ට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 September 2018
තැපැල් වර්ජනය කාලේ ගුවන් තැපැල් භාණ්ඩවල ප්‍රමාද ගාස්තුව ලක්ෂ 18 යි තැපැල් සේවක වැඩ වර්ජනය පැවති සමයේ කටුනායක ගුවන් තොටුපලේ ගබඩාවක තැන්පත් කර තිබූ ගුවන් තැපැල් භාණ්ඩ ඉවත් නොකිරීමේ ප්‍රමාද ගාස්තුව ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 18ක් ශ්‍රී ලංකා එයාර් ලයින්ස් වෙත ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 21 September 2018
නැ‘හිර සරසවියේ කථීකාචාර්යවරියකගේ මළ සිරුරක් ත්‍රිකුණාමල වෙරලේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළ සිරුරක් අද (21) ත්‍රිකුණාමලය කොටුව වෙරලේ තිබී සොයා ගත්බව නිලාවේලි පොලිසිය කියයි. 21 September 2018
හින්දු ආගමික ගුරු හිඟය කඩිනමින් විසඳනවා දිවයිනේ සියලූම පාසල් සඳහා පවතින හින්දු ආගමික ගුරු හිඟය කඩිනමින් විසදන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් මහතා අද(21) පැවැසීය. 21 September 2018
‘ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරිමේ වැඩපිළිවෙළක්’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් පක්ෂයේ මහ ලේකම්වරුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 21 September 2018
ලුතිනන් කර්නල් එරන්ත පිරීස් රිමාන්ඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් එරන්ත පිරිස් මහතා සැප්තැම්බර් 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. 21 September 2018
කුවේට් නිවසක කෝටි 13ක් වංචා කළැයි චෝදනා ලැබු ලාංකිකයා නිදහස් කුවේට් හි නිවසක සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි 13 ක මුදලක් සොරකම් කළේ යැයි චෝදනාවක් එල්ල වූ ශ්‍රී ලාංකික සේවකයෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ගැනීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිහු සමත්ව ඇත. 21 September 2018
බැසිල්ගේ ලිත් නඩුව 13 වැනිදා සිට විභාගයට තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන ලිත් නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026