IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් ආනයනය සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය

 

(ඩයනා උදයංගනී) 

පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  

ඒ අනුව ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට 2020 මැයි 31 වැනිදා දක්වා මාස 8ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් නව ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනැමීමට මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය කර තිබේ. 



අදහස් (12)

පෙට්‍රල් ආනයනය සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය

මිස්ටර් ක්ලීන් Wednesday, 18 September 2019 06:59 AM

අසන්ත දී මෙල් අත්සන් කරපු ගිවිසුම වගේ වුණොත් රනිල් හිරේ යනවද? කබීර් යනවද?..

:       1       106

උපාලි Wednesday, 18 September 2019 07:00 AM

මෙයාලත් හෙජින් ගේමකටද සෙට් වෙන්නේ කියලා සැකයි. නැතිනම් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩිවෙමින් පවතින අවස්ථාවක ඇයි මෙවැන්නකට සූදානම් වෙන්නේ?

:       2       92

rimWednesday, 18 September 2019 10:02 AM

දැන්මම කරන දෙයක් කරන්න වෙනවා .හොඳයි මේවගේ තීරණයකට ආපු එක . නැතිනම් ලෝක වෙළඳපොලේ තවත් මිල වැඩි වෙයි කියලයි තොරතුරු වාර්තා වෙන්නේ . ඕක සැක හිතෙන දෙයක් නෙවෙයි.

:       73       29

nanga Wednesday, 18 September 2019 07:10 AM

පැරදිලා යන්න කලිනුත් ‌‌ ‌කොමිස් ගන්න තමා කල්පනාව.

:       3       251

ලුම්බිණි Wednesday, 18 September 2019 07:50 AM

ආයෙත් හෙජින් වලට යනවද? කීයටද ගන්න යන්නේ?

:       0       36

ananda Wednesday, 18 September 2019 08:11 AM

ප්‍රමුඛ පෙලේ චීන රාජ්‍ය සමාගමක් අතුරුදහන් කරවූ ජනපතිට අපේ උපහාරය . වෙන කාටද මෙහෙම වැඩ කරන්න පුළුවන් ?

:       137       289

kapWednesday, 18 September 2019 10:21 AM

කතාව අනුව කොම්පැනියක් තියෙනවා නම්, ඇයි ඒ සමාගම මේ ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ? වෙබ්සයිට් වලින් ඕනෙම කොම්පැනියක් හදන්න පුළුවන්...

:       46       319

himal Wednesday, 18 September 2019 11:33 AM

මේ අනුමැතිය දීලා තිබෙන්නේ ලංකාවට පෙට්‍රල් මිලදී ගන්න. ලංසු කැඳවීමකින් පස්සේ ‍තෝරා ගත් සමාගමකට. හෙජින් කියන්නේ මිල උච්චාවචන වලට මුහුණ දෙන්න ඇති කරගන්න ගිවිසුම් වර්ගයක්. ඒක වැරදි නෑ. ඒත් වැරදි කොන්දේසි මත එකඟ වුණොත් විශාල පාඩුවෙන්න පුළුවන්. හෙජින් කියන්නේ මොකක්ද? ඇයි ඒකෙන් පහුගිය ආණ්ඩුව කාලේ පාඩු වුනේ කියලා මෙලෝ දෙයක් නොදන්න අයත් මෙතන බහුබූත කියවනවා...

:       11       70

Hafeel Wednesday, 18 September 2019 12:05 PM

එහෙමනං කබීර් ගොඩ...

:       0       46

lalith Wednesday, 18 September 2019 01:44 PM

අරහේ සෞදියේ පිරිපහදු විනාශ කරලා තෙල් මිල ලෙල්ලටම නැගලා තියෙද්දී දීර්ඝකාලීන ගිවිසුම් ගහන්න යන ආණ්ඩුවක් අායෙත් පත්කරන්න ඔබේ වටිනා ඡන්දය දෙන්න...

:       0       24

ප්‍රදීප් Thursday, 19 September 2019 09:34 AM

මෝඩ වැඩක්. ලෝක වෙළඳ පොලේ තෙල් අඩුවෙනවා. ලෝක ආර්ථික අවපාතයත් එක්ක ඉස්සරහට... සෞදි සිදුවීමෙන් දවස් දෙකකදී වැඩිවීමක් විතරයි වුනේ...

:       0       0

Bamunuarachchi Friday, 20 September 2019 03:39 AM

මේ කොන්ත්‍රාත්තුව දීලා තිබෙන්නේ 2012 බාල තෙල් දීලා අසාදු ලේඛන ගතවෙච්ච කොම්පැනියට කියලා අද ප්‍රසිද්ධ පුවත්පතක් කියනවා. එහෙනම් මේ ගොල්ලෝ හොඳ කොමිස් එකක් ගහලා ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site