ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගෙන ලංකාවට ආ ඉරාන මවත් දුවත් අත්අඩංගුවට බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාජ ගුවන් ගමන් බලපතක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික මවක සහ දියණියක අද (21) කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 September 2018
රුපියල 170 ත් පනී ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (21) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් අගය 170.65ක් දක්වා ඉහළ ගියේය. 21 September 2018
ප්‍රසන්න - විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී. 21 September 2018
සයිටම් සිසුන් ලියාපදිංචි කිරීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාකරණය තහවුරු කරයි මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේ දී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද(21) තහවුරු කළේය. 21 September 2018
අවුරුදු 18 ක දැරියක් මැදපෙරදිග ගෘහසේවයට යවලා ව්‍යාජ ලියකියවිලි සකසා විදේශ ගත කළ දස හැවිරිදි දැරියක් බලධාරින්ට අසු නොවී තෙවතාවක් ලියාපදිංචි වී විදේශ ගත වීමේ පුවතක් ඇය විදේශ ගතවී වසර 8කට පසු හෙළිවී තිබේ. 21 September 2018
බලතල දෙනවා නම් ’ආවා’ කල්ලිය දින දෙකෙන් මැඩපවත්වන බව යුද හමුදාව කියයි යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවටත්, එම කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. 21 September 2018
රුපියල වැටුණාට ආර්ථිකය වැටුණේ නෑ රුපියල වැටුණත් ආර්ථිකයේ කඩාවැටීමක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය. 21 September 2018
හොරා පොලිස් සෙල්ලම කරන්න ගිය අයෙක් හලාවතදී කොටුවෙයි පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් බිය කර ඇයගෙන් හිස් කොලයකට අත්සන් ලබා ගත් බව කියන තරුණයකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 September 2018
බුදු සසුන බේරාගන්න මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී මිථ්‍යා මත පැතිරවීමට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයන් කටයුතු කරමින් සිටින බැවින් ඒවා වැළැක්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නා හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 21 September 2018
16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ. 20 September 2018
එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 20 September 2018
හිටපු ජනාධිපතිනියට ප්‍රංශ රජයෙන් සම්මානයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 September 2018
මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ඩුබායි රටේ සැඟව සිටිමින් දුරකථන මගින් මෙරට මත්ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන සිදුකරවන ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් යන අයගේ මෙරට ප්‍රධාන වෙඩික්කරුවකු වූ කලුවන් මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවකු අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. 20 September 2018
නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන දෙන්න මිලියන 9000ක් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 9000 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 20 September 2018
තැන්පත්කරුවෝ ඊ.ටී.අයි කාර්යාලය වටලති ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් අද (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙස හැසිරීම පොලිසිය මැදිහත් වී මේ වනවිට විසුරුවා හැර ඇත. 20 September 2018
අධිකරණ නියෝගය දැනුම් දෙන්න අඬබෙර කරුවෙකු යවයි මාදම්පේ ජයරත්නගම පිහිටි නිවසක හිමාකාරත්වය බලෙන් ලබා ගත් කාත්නාවක ඉවත් කර එම නිවස සැබෑ හිමිකරුවෙත ලබා දීමට ප්‍රදේශය පුරා අධිකරණ නියෝගයක් මත අද (20) අඬබෙර ගසන ලදී. 20 September 2018
පොලිස්පති ගැන විමර්ශනයට මණ්ඩලයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා මණ්ඩලයක් පත් කළ බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 20 September 2018
කිලිනොච්චි එස්.එස්.පී උසස් කරන්නැයි කොමිසම යළි දැනුම් දෙයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිතනතුරට පත් කරන්නැයි නියෝග කර පොලිස්පතිවරයා විසින් මේ වන තෙක් ක්‍රියාත්මක නොකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ උසස්වීම ද කඩිනමින් ලබා දෙන ලෙස එම කොමිසම අද පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. 20 September 2018
දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ පොලිස් නිලධාරීන් 50කට උසස්වීම් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අනුමත කළ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් 50 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) නිකුත් කළේය. 20 September 2018
රවීගේ සමාගමක් ගැන විස්තර ඉල්ලයි බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සහ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ජේ ඇන්ඞ් ඒ සෙක්ටර්ටේරියල් ඇන්ඞ් මැනේජ්මන්ඩ් සර්විසර්ස් සමාගමේ ලේකම්වරයා වෙත අද (20) 20 September 2018
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට විදේශීය ප්‍රකාශන ආයතන 30ක් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී හෙට (21) සිට මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ. 20 September 2018
වයස 21 වෙද්දී උපාධියක් ගන්න හැකි වැඩපිළිවෙළක් - ඇමැති අකිල දරුවන්ගේ කාලය නාස්ති නොකර ඔවුන්ට වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 20 September 2018
එක්සත් ජාතින්ගේ 73 වැනි සැසිය සඳහා ජනපති හෙට නිව්යෝක් බලා පිටත් වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට ( 22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය. 20 September 2018
මිනිස් ජාවාරමේ යෙදුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක්ලු නීති විරෝධී අන්දමින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ඉතාලියට ගෙන යමින් සිටියදී එරට ගුවන් තොටුපොළක දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙකු බව අනාවරණය වී තිබේ. 20 September 2018
එල්ටීටීය ගැන වැරදි අර්ථකථනයක් දීලා - නාලක ගොඩහේවා එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමානාන්තර සැසියකදී අද (20) පැවසීය. 20 September 2018
විෂ කිරිපැකට් ගැන පවිත්රාගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඒකාබද්ධ විපක්ෂය පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා පාගමනට සහභාගී වූ ජනතාවට විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළතදී පරීක්ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිසම තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාදීපයට අද (20) පැවසුවාය. 20 September 2018
'පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත යුතුයි' ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සළකා දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට වහාම පවරා ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. 20 September 2018
බන්ධනාගාර ආධුනික නියාමක පත්වීම් අඩපණ වෙලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා තෝරාගත් ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 3කට අධික කාලයක් තිස්සේ අඩපණ වී ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 20 September 2018
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පැනවු බදු අහෝසි කරයි ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අලුතින් පැන වූ සියයට 30 සෙස් බද්ද අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 20 September 2018
රසකැවිලිවල සීනි ප්‍රමාණය පැකට්ටුවේ යෙදීම අනිවාර්ය වේ වෙළඳපොලේ විකිණීමට ඇති සියලුම රසකැවිලිවල අඩංගු සීනි ප්‍රමාණය එහි පැකට්ටුවේ අනිවාර්යෙන් සඳහන් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026