ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී මහතා සහභාගී වූ රැලියක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 24 දෙනකු මියගොස් 32 කු තුවාල ලබා ඇතැයි රෝහල් බලධාරියෙක් පැවැසීය.
“මියගිය අය අතර දරුවන් සහ කාන්තාවන් ද සිටිනවා” යැයි පර්වාන් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අබ්දුල් කසීම් සංගින් පැවැසීය.
බෝම්බකරු යතුරු පැදියකින් පැමිණ ඇති බවත් රැලියට ඇතුළු වන පළමු මුර කපොල්ලේදී බෝම්බය පුපුරුවා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රත් රහිමි පැවැසීය.
ප්‍රහාරයෙන් ජනාධිපති අෂ්රෆ් ඝානීට කිසිදු හානියක් නැතැයි ද ඔහු කීවේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd