(අංජුල මහික වීරරත්න)
ජාතික පාසල්හි පවතින පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නිසා නිසා අලුතින් සිසුන් 44,568 කට එම පාසල්වලට ඇතුළු වීමට අවස්ථාව සැලසී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ජාතික පාසල්හි 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
බඳවා ගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්නායක අනුව විනිවිද පෙනෙන ක්‍රමවේදයකට මෙම සිසුන් පාසල් වලට ඇතුළත් කරගත් බවත් ඒ අනුව සිංහල මාධ්‍ය සිසුන් 25,419 දෙනකුටත්,දෙමළ මාධ්‍ය සිසුන් 19,149 දෙනකුටත් දිවයින පුරා ජාතික පාසල්හි අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කලින් කිව්වා ඔය බව. සම්මුඛ පරීක්ෂණ තියන්න කලින් ම සමහර පාසල්වලට තොග පිටින් ලැයිස්තු එවලා. හැබැයි මේ පාසල්වල පුරප්පාඩු නැහැ. සමහර පන්තිවල 50ට පැනලා. එ්වායේ කාෙහොමද පුරප්පාඩු තිබෙන්නේ?
පුරප්පාඩු නැහැ කියලා පැහැදිලිව දන්වලා තිබුණා. පාසල්වලටත් මෙයාලා තොග පිටින් ළමයි දාලා.. පාසල් අධ්‍යාපනයේ තිබෙන ගුණාත්මක බව විනාශ කරලා ඉස්කෝල ටිකත් කාලාම තමයි. මෙයාලා ගෙදර යන්නේ.. ඡන්ද කිට්ටු වෙනකොට තියන ඡන්ද ටිකත් නැති කරගන්න කර ගත්ත වැඩක්...
රටේ අධ්‍යාපනය තියෙන්නේ රටේ සංවර්ධනයට අවශ්‍ය උගත්තු බිහිකරන්න. උපතින්ම සමහර ළමයි ඉගෙනීමට දක්ෂයි. ඉතින් ඒ අයට වැඩි පහසුකම් දීලා ඉහළ අධ්‍යාපනයක් දීලා වියතුන් හදන්න තමයි මේ ජාතික පාසල් තියෙන්නේ. ඒ සඳහා රජය විශාල මුදලක් වියදම් කරනවා. එයින් වැඩි හරියක් තවත් අවුරුදු ගානක් ගෙවන්න වෙන ණය මුදල්. (පසුව ඒ බිහිකළ උගතුන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් විසින් සතයක්වත් වියදම් නොකර කොල්ලකෑමත්, රටේ ඉතිරිවෙන ගොවීන්, විදේශ ශ්‍රමිකයින් ඇතුළු මුළුමහත් බදුගෙවන ජනතාව එකතු වී ඒ අධ්‍යාපනයට ගත් ණය පියවීමත් වෙනමම කාරණයකි), ඒ පාසල්වලට ඇතුළු විය යුත්තේ අධ්‍යාපනයෙන් දක්ෂතා පෙන්වන්නන් විනා වෙනත් විනිවිද පෙනෙන ක්‍රමවලට තෝරාගත් අයවලුන් නොවෙයි. එසේ නොමැතිවීමෙන් වෙන්නේ අර වියදම් කරන මුදල අපතේ යාමයි. ඒ අය කුඹුරට බොල්වී ඉස පැලවෙන තුරු උදේ, හවස වතුර බැන්දාක් වැනි වැඩකි. මේ සූදානම් වන්නේ ළමයින් ජාතික පාසලකට දමා දෙනවයි කියා ඡන්ද ගරා ගැනීමටය. එය අර ජපන්, කොරියා, රැකියා දෙනවා යයි කියා පුරප්පාඩු තුන් හාරසීයක් වෙනුවෙන් දස දහස් ගණනක් කුලප්පු කිරීම හා සමානයි. ඉතින් මෙවැනි දේශපාලන වාසි තකා කටයුතු කරන්නවුන් ඉදිරි අවුරුදු රටක් සංවර්ධනය කරයිද?
මෙතන මේ කියලා තියෙන්නේ අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු ප්‍රකාශයට පත් කිරීම නිසා තවත් ළමයි සංඛ්‍යාවකට ඒ පාසැල්වලට යන්න ලැබිච්ච බව. කෙනෙක් කියනවා නම් යම් පාසලක පන්තියක ළමයි 50ක් ඉන්නවා කියලා, ඒක දැන් දැන යතුරු පුවරුවේ කොට කොට ඉන්නේ එයත් ඒකෙන් යම් අයුතු වාසියක් ගන්න නිසාද? ඇයි ඒ ගැන පැමිණිලි නොකරන්නේ?