( අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල මෙන්ම පාසල් අධ්‍යාපන ලැබූවද සැමට රැකියා සහ ආදායම් මාර්ග බිහිකරන වැඩසටහන ඊළඟ වසර පහේදී තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අසීරුවෙන් වුවද පළමු වටයේ රේස් තරගයෙන් රටට බොහෝ ජයග්‍රහණ ලබා දීමට හැකි වූ බව පැවසූ අගමැතිවරයා දෙවැනි වටය දුවන්නේ රටට රැකියා සහ ආදායම් මාර්ග බිහි කිරීම සඳහා බවද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බාහිර උපාධිධාරීන් 4173 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට එක් වෙමිනි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශට විසින් මෙම පත්වීම් ප්රදානය සිදු කෙරිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ශක්තිමත් කරන්න වර්තමාන පාලනය තුළ මොනවද එහෙම ආර්ථිකය ශක්තිමත් කරලා තියන්නේ..?
මේ දවස්වල මෙයාගේ ප්‍රකාශ දිහා බැලුවොත්, මිනිහා තමයි අපේක්ෂක වගේ පේන්නේ..
දැන් අපිට දීලා තියන හරිය මදිද, වෙන මොනවා දෙන්නද හදන්නේ!!! මිනිස්සු දැන් සතුටින් පිරි ඉතිරී එන්න වෙලාවේ ඔබතුමා අපිව හිනස්සලා මරන්නද හදන්නේ මහත්තයෝ? දැන් පොඩ්ඩක් නිවීහැනහිල්ලේ අපිට ඉන්න දෙන්න.
දියවන්නාවේ ඉන්න 225 දෙනාගේ ආදායම වැඩිකරයි. ඔවුන්ගේ ආදායම ශක්තිමත් කරන එකයි වෙන්නේ.
සැමට රැකියා සහ ආදායම් මාර්ග බිහිකරන වැඩසටහන යටතේ සෑම පුරවැසියෙකුටම මාසයකට මහ බැංකුවේ අධිපති වීමට අවස්ථාව ලබාදීම සහ සිංගප්පූරුවට යාමට නොමිලේ ගුවන් ගමන් පතක් පිරි නැමේ...
එහෙනම් තව පාරක් මහ බැංකුවට දෙන්න වගේ හදන්නේ. තමුන්නාන්සේට තව අවුරුදු 5ක් රට දෙනවා කියන්නේ රට නැත්තටම නැති වෙනවා මහත්තයෝ. ඊළඟ අවුරුදු පහේදී රටේ ආදායම් මාර්ග ශක්තිමත් කරන එක කෙසේ වෙතත්, තමුන්නාන්සේගේ ආදායම් මාර්ගය නම් ජීවිතාන්තය දක්වා කරගෙන ඇති නේද?.
කව්ද දන්නේ නැහැ මේවා කරන්නේ සජිත්ද කරූද?
අපේ රට කාලා දැන් උලාකන්න හදනවා.
ගෙදර ඉඳන්ද?
කොහොමද සිහිනය? ඊළඟ වසර 5? රට ලෙවකාලම ඉවර කරන්නයි හිත....
ෆොක්ස්වැගන් හදන අලුත් තැනකුත් එක්කද?
2015 වුණු පොරොන්දුවේ හැටියට අවුරුදු 5ක් මදිවෙලා තව අවුරුදු 5කුත් ඕනෑද?
මීළඟ අවුරුදු පහේදී? එච්චර කල් ඉඳියිද..?
තව මොනවද ශක්තිමත් කරන්නේ ? ඔක්කොම ශක්තිමත් කරලා ඉවරනේ. මිනිස්සු හරි සතුටෙන් කන්න නැතුව ජීවත් වෙනවා.
ලබන අවුරුදු පහේ හොඳට හම්බකරගනිල්ලා. අහිංසක ජනතාවගේ බදු මුදල් ගසා කන අයට සහ පවුලේ අය ඇතුළු වටේ ඉන්න හෙන්චයියලාටත් හැදෙන අසනීපවලට බෙහෙත් කරන්න සල්ලි අවශ්‍ය වන නිසා හොඳට සල්ලි උස්සලා තියාගනින්ලා...
මට කියන්න තියෙන්නේ, දීලා තියෙන දේ හොඳටම ඇති... අනිත් අවුරුදු 5ක් ගෙදරට වෙලා නිදාගෙන ඉන්න ජනතාව වරමක් දෙයි.
අනේ මේ කරපු හරිය වැඩිත් එක්ක, දැන් ටිකක් නිදහසේ ඉන්නකෝ ඔය එක හොඳයි නේද?
මෙච්චර කල් 'අන්දරේට' ඇඳපු කෙනා, 'මහා බ්‍රහ්මයා'වෙලා. ඡන්දයක් ළඟ එනකොට තමයි කට්ටියගේ පස්ස දැවිල්ල හැදෙන්නේ...