( පුෂ්පකුමාර ජයරත්න )
රටේ සාහිත්‍ය මාසය ලෙස හඳුන්වන සැප්තැම්බර් මාසය ඉදිරියේ එන මැතිවරණයක් නිසා රටේ රස්සා දෙන මාසය බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කුරුණෑගලදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය .
වයඹ පළාත් සභාව විසින් වයඹ පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරි ගුරුවරුන් දෙදහසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ක්‍රීඩාංගණයේදී ගුරු පත්වීම් ලබාදීමේ මෙම උත්සවය පැවැත්විණි .
මෙම උත්සවයට පැමිණ සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය .
සැප්තැම්බර් මාසය නම් කරලා තියෙන්නේ අපේ රටේ සාහිත්‍ය මාසය කියලයි . නමුත් ජනාධිපතිවරණයක් නිසා ලබන මාසේ පළමුවැනිදා ඉඳලා රස්සාවල් දෙන්න බැරි නිසා මේ මාසය රටේ රස්සා දෙන මාසය බවට පත් වෙලා තියෙනවා .
අපි අද කොළඹ ඉඳලා එනකොට කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තේ ලොකු මාර්ග තදබදයක් තිබුණා . අරලියගහ මන්දිරයේ උදේ ඉඳලා දහස් ගණනකට රස්සාවල් දෙන නිසා ඒ තදබදය ඇති වෙලා තිබුණා . මේ දවස්වල අමාත්‍යාංශ වලත් එහෙමයි .
මැතිවරණ නීතියට අනුව මැතිවරණයක් ප්‍රකාශ කළාට පස්සේ රාජ්‍ය සේවාවට රස්සා දෙන්න බැහැ . මේ නිසාම මේ අවුරුද්දේ සාහිත්‍ය මාසය රස්සා දෙන මාසයක් බවට පත්වෙලා තියෙනවා .
අධ්‍යක්ෂ අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ගුරු සේවයේ පමණක් ලක්ෂ දෙකක් පමණ සිටිනවා . මෙයින් සියයට දහයක පමණ පිරිසක් මේ ගුරු සේවයට සුදුසුකම් සපුරා නැති පිරිසක් බවට මේ සමීක්ෂණයේදී අනාවරණය වෙලා තිබෙනවා . ඔවුන් සියඵ අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබුණත් පන්ති කාමරය තුළදී ඉගැන්වීමේ හැකියාව නැති බව හෙළි වෙලා තිබෙනවා .
අපේ රටේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ලංකාවේ රස්සා නොමැති සංඛ්‍යාව නැත්නම් විරැකියාව සීයට පහක් හයක් පමණ වෙනවා . රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවය ගත් විට කම්කරු කොමසාරිස්තුමාගේ අඵත්ම වාර්තා වලට අනුව ලක්ෂ අසූ දෙකක් පමණ සේවයේ යෙදී සිටිනවා . මේ සංඛ්‍යාවේ සේවයට කැපවීම නම් හෟද සාක්ෂියෙන් විමසා බැලිය යුතුව ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාදයා ඉඳලා හිටලා හරි ඇත්තකුත් කිව්වා නේද? දැන් එතකොට ඒවගේ පත්වීම් ඡන්ද අල්ලස් නොවේද? අපි අපේ මුල් පුරවැසියාගෙන්ම විමසීමට කැමැත්තෙමු. ඔහුගේ "ලේකම් උතුමාණන් " කෙනෙක්වත් පිළිතුරු ලබා දෙයි යන විශ්වාසයන් අප බලා සිටිනවා..
මෙන්න මෙයාට අගමැතිතුමාගේ වැඩවලට ඉරිසියා හිතිලා වගේ...
රස්සා දීම ගිණුමට බැරවෙන්නේ නැතිකොට ඊරිසියා හිතිලා වගේ...
සාහිත්‍ය මාසය රස්සා දෙන මාසයක් වෙලා නම් ලොක්කත් අලුත් ජොබ් එකක් හොයා ගත්තද ? ජනාධිපතිවරණයෙන් විසිවී ගියාට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියා දැන්ම හිටන් හිතන්න වෙලාවයි ! නැත්නම් අමුඩ කෙටියක් ඇඳන්, උදැල්ලක් කරේ තියාගෙන හාමිනේ කෙහෙල්කොලේ ඔතාදෙන බත්පොජ්ජ අරන් කුඹුරු කොටන්න තමා වෙන්නේ... එ්ත් වසර 5ක් කාලයක් තිස්සේ රටේ ජනාධිපතිවෙලා හිටපු නිසා සමහර විට ආර්ථික ප්‍රශ්න තියෙන්නත් බැහැ කියලා මගේ ආච්චි කියනවා..! උන්දැත් නොදන්නා දෙයක් නැහැ..
ජනතාව විසින් දේශපාලකයින්ට කියන්න ඕන ඒවා දේශපාලකයන් විසින් ජනතාවට කියනවා.. දේශපාලනය ශිෂ්ට සම්පන්න රටවලට වැදගත් වෘත්තියක් වුණාට ලංකාවට නම් නොවටී...
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔහොම කියන්නේත් දෙදහසකට පත්වීම් දෙන ගමන් නේද? මේවාට පෙරකාලේ කිව්වේ තමාගේ ඇහේ පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල්කෙන්ද ගැන කියනවා කියලයි.