(ඩී.ජී.සුගතපාල)
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ගාල්ල කොටුවේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක බිත්තියක් කැඩීම සම්බන්ධයෙන් වරදකරුවු පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(18) බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් සහ රුපියල් පනස් දහසක දඩයක් නියම කොට සිර දඩුවම වසර පහකට අත් හිටුවනු ලැබිය.
මෙසේ දඩුවම් නියම වූයේ මොහොමඩ් හුසේන් මොහොමඩ් සියාම් නමැති විත්තිකරුවෙකුටය.
ගාල්ල කොටුවේ ලේන්බාන් වීදියේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ බිත්තියක කොටසක් කඩා ජලය බැස යාමට ප්ලාස්ටික් පිල්ලක් සවි කොට අනවසර ඉදිකිරිමක් සිදු කර ඇති බවට ගාල්ල පොලිසියේ පුරාවස්තු ඒකකය විසින් මෙම නඩුව පවරා තිබින.
ගාල්ල පොලිසියේ පුරාවස්තු ආරක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගලප්පත්ති සැරයන්වරුන්වන ගාමිණි (23963)සුජීව(256)යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නැගෙනහිර හා උතුරේ වසර දහස් ගාණක් පැරණි මාහැඟි පුරාවස්තු විනාශ කරන උදවියට ඔය නීති වලංගු වෙන්නේ නැද්ද?