මහත්මා ගාන්ධිතුමන්ගේ ජන්ම සංවත්සරය ලංකාවේදී සමරයි මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (1) පැවැත්විණි. 01 October 2019
‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘ හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක් වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. 01 October 2019
‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළදී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදෙස් ණය මුදලෙන් කිසිදු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නොමැති බවත්, ඔවුන්ට ණය ලබාගැනීමට සිදුවූයේ තම බලය රැක ගැනීමට යැයිද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (1) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01 October 2019
මාර්තු 12 ව්‍යාපාරය ජවිපෙ හමුවෙයි අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතා අයහපත් තත්ත්වයක ඇති බවත් එහි බොහෝ විට ඇත්තේ ඕපාදූප කථාකරන හා අනෙකුත් අපේකෂකයන්ට මඩ ගහන තත්ත්වයක් බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 01 October 2019
ගෝඨාභයට එරෙහිව නඩුවිභාගය අත්හිටුවීම 14 දා තෙක් දීර්ඝ කරයි මැදමුලන,ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය. 01 October 2019
නිල්ගල රක්ෂිතයේ කුඹුක් දැව කැපූ අයෙක් අල්ලයි ඖෂධ උයනක් ලෙස සැලකෙන බිබිල නිල්ගල රක්ෂිතයේ කුඹුක් දැව ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු ඉරන ලද කුඹුක් දැව සහ යාන්ත්‍රික කියතක් සමග අද (1) අත්අඩංගුවට ගෙන ඇතැයි මැදගම පොලීසිය පවසයි. 01 October 2019
ගෝඨාභයට විදෙස් ගත වීමට අවසර දෙනවාද යන්න පිළිබඳව නීතීපතිගේ ස්ථාවරය 3 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණ කටයුත්තක් සදහා විදේශගත වීමට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (03) නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (01) නියම කළේය. 01 October 2019
දුම්රිය වර්ජනය දිගටම දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 01 October 2019
කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් 10ක් පොලිසියට බාරවෙති බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී හිරිහැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(01) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 01 October 2019
පාසල් සිසුන්ට මත්පුවක් විකිණූ 8ක් අත්අඩංගුවට මාතලේ සහ උකුවෙල නගර අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට බාබුල් සහ මාවා පුවක් විකුණු වෙළඳසැල් රාශියක් වටලා සැකකරුවන් අටදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 October 2019
මුල් මාස 9 යේදී අලි 293 ක් මැරිලා අලි මිනිස් ගැටුම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලීන් 293 දෙනෙකු 2019 වසරේ මුල් මාස නවය තුළ මිය ගොස් ඇතැයි වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතා පැවැසීය. 01 October 2019
‘සාමසාධක මෙහෙයුම්වලට හමුදා දුන් දායකත්වය අවහිර නොකළ යුතුයි’ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා ලබා දී තිබෙන දීර්ඝකාලීන දායකත්වය අවහිර නොකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. 01 October 2019
අරුවක්කාලු විරෝධතාකරුවෝ කසළ ලොරි පැය 11 ක් රඳවා ගනිති කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ පැය 11 කට ආසන්න කාලයක් රදවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලිසියේ ඉල්ලීම මත කසළ බැහැර කිරීමට ඉඩ දී තිබිණි. 01 October 2019
පූජිත්ට ඇප හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය. 01 October 2019
ආනයනික ලොකු ලූනු බද්ද පහළට ලොකු ලූනු ආනයනය කිරිමේ දී කිලෝවක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 39 කින් අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරිමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබේ. 01 October 2019
දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 01 October 2019
අමාත්‍යංශ 4කට එරෙහිව පැෆරල් සංවිධානයෙන් මැතිවරණ පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ හතරකට එරෙහිව නීතිමය පියවර ගන්නැයි මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 01 October 2019
අර්ජුන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු වලංගුද සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගු භාවය පිළිබඳව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 01 October 2019
ඇන්ටාක්ටිකාවෙන් දැවැන්ත අයිස් කුට්ටියක් කැඩී වෙන්වෙයි ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර අමේරි හිම තට්ටුවෙන් දැවැන්ත හිම කුට්ටියක් කැඩී වෙන්වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. 01 October 2019
හිටපු පොලිස්පති පූජිත් අත්අඩංගුවට හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත. 01 October 2019
හේෂා විතානගේට ඇප එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා රුපියල් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය. 01 October 2019
ගල් විහාරය අභය භූමියේදී ගැබිනි මුව දෙන මරා මස් කළ අයෙක් අත්අඩංගුවට පොළොන්නරුව ගල්විහාර අභයභූමිය තුළ රන් කොත්වෙහෙරට නුදුරින් මදු අටවා ගැබිනි මුවදෙනක් මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අද (01) පමණ අත්අඩංගුවට ගත් බව මනම්පිටිය වනජීවි නිලධාරීහු පවසති. 01 October 2019
ගෝඨාභය සිංගප්පූරු යන්න අවසර ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. 01 October 2019
ජනපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 31 වැනිදා දක්වා දිර්ඝ කිරිමට තීරණය කර තිබේ. 01 October 2019
පාකිස්තානයට ලකුණු 67ක ජයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති 2වැනි එක්දින තරගයේ ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ඕවර 46.5කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් පමණි. 30 September 2019
පොහොට්ටු - ශ්‍රීලනිප හවුලේ තීන්දුව 5 වැනිදාට කල්යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත්‍රීයේදී තීරණය කර ඇත. 30 September 2019
ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බම්බලපිටියේ ඖෂධ අලෙවිහලකින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි. 30 September 2019
කොළඹ කුණු අරුවක්කාලු ගෙනියන්න තවත් මාස 6 කට කෝටි 72 ක් කොළඹ මහ නගර සභා සීමාව තුළ එක්රැස්වන කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත ප්‍රවාහනය කිරීම සඳහා දිනකට ලක්ෂ 40 ක් වැය කෙරෙන යෝජනාව තවත් මාස 6 කට දිර්ඝ කිරීම සඳහා අනුමැතිය අද (30) හිමිවිය. 30 September 2019
පාකිස්තානය කඩුලු 7කට 305 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්වෙන 2වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත්විය. 30 September 2019
දුම්රිය වර්ජනය දිගටම දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 30 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026