‘‘අයථා ලෙස උපයා ගත් මහජන දේපළ බාර දෙන්න මාස 2 ක් දෙනවා‘‘ දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය. 10 October 2019
යුද හමුදාවේ 7210 කට උසස්වීම් යුද හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි. 10 October 2019
ලක්ෂ 26 කොල්ලය බොරුවක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි. 10 October 2019
’මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා’ පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායකවරයා ලෙස කටයුතු කළ මධු මාධව අරවින්ද මහතා ගම්පහ දී කළ ප්‍රකාශයකින් පක්ෂයකට සිදුවන හානිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පෙන්වා දීමෙන් පසු ඔහු සමාව ගෙන සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 10 October 2019
2015 ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් 2015 වසරේ ජිනීවා හීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 10 October 2019
වැටුප් විෂමතා විසඳන්න නිර්දේශ මාසයක් ඇතුළත දෙන්න විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා වන නිර්දේශ මාසයක් ඇතුළත ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට උපදෙස් දී ඇත. 10 October 2019
‘‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘‘ ඛනිජ තෙල් සංස්ථාව හරහා මෙරටට ඉන්ධන ගෙන්වීමට කැඳවා තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් 2017 ඔක්තෝම්බර් මාසයේදී අවලංගු කිරීමට එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා උත්සාහ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. 10 October 2019
කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 113 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මහතා පැවසීය. 10 October 2019
කොළඹ නගරශාලාව අවට මාර්ග තදබදයක් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවති. 10 October 2019
වැලිකඩ සමුහ ඝාතන නඩුව 14 සිට විභාගයට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය. 10 October 2019
සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. 10 October 2019
ගාලු මුවදොර අවට දැඩි තදබදයක් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 10 October 2019
මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 10 October 2019
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ් හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය අද (10) දහවල් නියෝග කළාය. 10 October 2019
මන්ත්‍රී ගාමිණී ලොකුගේගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත. 10 October 2019
බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් ළගදී ලක්ෂ 26 ක් කොල්ල කයි යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 10 October 2019
ජේතවන ස්තූපයේ අකුණු සන්නායකයට හානි කරයි අනුරාධපුරයේ ඓතිහාසික ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකයට හානි සිදුකොට ඊට නුදුරින් තිබෙන පෞරාණික අතින් වැදගත් යතුරු පොකුණ පතුලේ ගල් පුවරු ගැලවූ පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. 10 October 2019
අත පොහොට්ටුව සමග ගිවිසුම් අත්සන් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි. 10 October 2019
ජනපතිවරණයේදී නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරන බව ඌවේ ආණ්ඩුකාර කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. 10 October 2019
ශ්‍රී ලංකාවට 3-0ක ජයක් පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 09 October 2019
හේමසිරි - පූජිත වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවයි පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු දෙදෙනා අද (09) සවස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු එහි ලියාපදිංචි කර වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබදව පිහිටි විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවා ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 09 October 2019
සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ගේ හැඳුනුම්පත් තැපැල් කරයි ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත්වලට ප්‍රමුඛත්වය ලබාදී තැපැල් කර යවා ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 09 October 2019
ගෝඨාභය දුමින්දගේ නිවසට යයි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) දින පැමිණියේය. 09 October 2019
වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක් වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික පිරිසක් මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත. 09 October 2019
කෝකිලායි කුරුලු අභයභූමිය ගොඩකර ගොවිතැනට සැරසෙති මුලතිව් , කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුලු අභයභූමියට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් වී ගොවිතැන් ඇතුළු බෝග වගා ආරම්භ කරමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති. 09 October 2019
පූර්ව මැතිවරණ සමයේ නීතී-රීතී පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍යට උපදෙස් පූර්ව මැතිවරණ සමයේ නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. 09 October 2019
මැතිවරණ පැමිණිලි 46 ක් මැතිවරණ කොමිසන් සභාවේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අද (9) දවස තුළදී පැමිණිලි 46 ක් ලැබී තිබිණි. 09 October 2019
බදුල්ල - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටේ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුණුවල ඕපනායක ප්‍රදේශයේ මාර්ගයේ වම්පස කොටසට විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු එක් මං තීරුවකට සීමා වී ඇත. 09 October 2019
ගජමුතු සමඟ සයින්දමර්දු ගම්මානයේදී තිදෙනෙක් අත්අඩංගුවට අම්පාර කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ගම්මානයේදි ගජමුතු තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට කල්මුණේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සමත් වි තිබේ. 09 October 2019
කලුතර තැපැල් කාර්යාලයේ ගින්නක් කලුතර තැපැල් කාර්යාලය තුළ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 09 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026