පාස්කු නඩුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුත්ත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉවත් කර වෙනත් මහෙස්ත්රාත්වරයකු හමුවේ කැඳවීමට නියම කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගෙන් අද (09) ඉල්ලා සිටියේය. 09 October 2019
ඡන්ද අයිතිය ඉල්ලා සිරකරුවන්ගෙන් පෙත්සමක් ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඡන්දය භාවිතා කිරීමට අවසර දෙන ලෙසට මැතිවරණ කොමිසමට හා අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (09) රිට් පෙත්සමක් ගොනු කෙරිණි. 09 October 2019
ආපදා අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධීකරණයට කාර්යාලයක් ආපදා අවස්ථාවලදී ක්‍රියාත්මක වන සියලුම ආයතන එකම කාර්යාලයකට සම්බන්ධ කරමින්, දේශගුණික බලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් වාරිමාර්ග දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ දී අද(09) විවෘත කෙරිණි. 09 October 2019
අත - පොහොට්ටු ගිවිසුම් අත්සන් කිරීම හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (10) සුබ මොහොතින් සිදුකරන බව නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. 09 October 2019
තුන්ඹිකුලම ඇතින්නියන් මැරුණේ විස ශරීර ගතවී බව හෙළි වෙයි හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හය දෙනා සහ අලියා මියගොස් ඇත්තේ විෂ වර්ගයක් ශරීරගත වීමෙන් බවට සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි සංචාර සංවර්ධන, වනජීවි හා කි්රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. 09 October 2019
යුරෝපා සංගමයෙන් ලංකාවට යුරෝ මිලියන 40ක් ශ්‍රී ලංකාවේ ‘පරිවර්තන, සංහිඳියා සහ පුළුල් ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය ශක්තිමත් කිරීම’ සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 40ක් ලබා දී තිබේ. 09 October 2019
හේමසිරි - පූජිත් 23 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඔක්තෝබර් 23 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය. 09 October 2019
කොමිසමේ නියෝග නොතකා අමාත්‍යංශ ලේකම්වරිය වෛද්‍ය නිලධාරී මාරුවක ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයෙක් සේවයේ නියුතු සිටියදී කොලොන්න ප්‍රාදේශීය රෝහලට ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙස පත්කළ වෛද්‍යවරියගේ ස්ථානමාරුව අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම කළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය නොපිළිපැදීමෙන් කොලොන්න සහ හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර සේවා දින කිහිපයක් තිස්සේ ඇණහිට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා අද (9) පැවසුවේය. 09 October 2019
සිසුවියන් අපයෝජනය කළැයි චෝදනා ලැබූ විදුහල්පති යළි රිමාන්ඩ් කොත්මලේ පාසලක සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අද(09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා ඔක්තෝබර් 23 දක්වා යළි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මීගොඩ මහත්මිය නියෝග කළාය. 09 October 2019
තවත් 115,000 ක විශ්‍රාම වැටුප් විෂමතා පියවන්න ඇමැති නියෝග 2017 ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් 5,75000 කගේ විශ්‍රාම වැටුප් විෂමතා අතරින් මේ වන විට 80% කගේ වැටුප නිවැරදි කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. 09 October 2019
හිටපු ඇමැතිවරු දෙදෙනෙක්ගෙන් මැතිවරණ පැමිණිල්ලක් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු අද (9) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 09 October 2019
දකුණු ආසියානු අල් කයිඩා ත්‍රස්ත නායකයා මරා දැමේ දකුණු ආසියාවේ ක්‍රියාත්මක අල් කයිඩා ජාලයේ නායක අසීම් ඕමාර් මරා දැමීමට හැකිවුණු බව ඇෆ්ගන් රජය කියයි. 09 October 2019
ඇතුල්නුවර පදිංචිකරුවෝ පුරාවිද්‍යා කාර්යාලය වටලති අනුරාධපුර පූජා භූමියට යාබද ඇතුල්නුවර පදිංචිකරුවන් පිරිසක් නලජලය ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවහිර කිරීමට එරෙහිව ඇතුල්නුවර පදිංචිකරුවෝ 100 අධික පිරිසක් අද (09) අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට පැමින විරෝධතාවයක නිරත වූහ. 09 October 2019
වියන්ගොඩ-තේනුවරගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක් මරණ තර්ජන ඇති බව පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසිබල සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. 09 October 2019
දුමින්ද, වීරකුමාර අද පොදුජන පෙරමුණු වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද (9) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජන හමුවට සහභාගී වීමට නියමිතය. 09 October 2019
ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට ජනපති තීරණය කරයි ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 09 October 2019
ශ්‍රීලනිප සහය ගෝඨාභයට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය. 09 October 2019
‘‘ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටනක් ගෙනයනවා‘‘ ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව අනුකම්පා විරහිත සටනක් ගෙන යන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (8) ප්‍රකාශ කළේය. 08 October 2019
මධුමාධව ඉල්ලා අස්වෙයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත. 08 October 2019
ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට කොළඹ ජම්පටා වීදියේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 October 2019
ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කෙරේ දුම්රිය වර්ජනය අවසන් වුවද අද පෙරවරුවේ සහ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාල කියයි. 08 October 2019
කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 October 2019
ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක් ජනාධිපති මැතිවරණයට අදාළ නීති විරෝධීව ප්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 October 2019
‘‘දේශපාලන ගමන 16 වැනිදායින් අවසන් වෙන්නේ නෑ‘‘ තම කණ්ඩායමේ දේශපාලන ගමන නොවැම්බර් 16 වැනිදා නොනවතින බවත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරියටම යන බවත් හිටපු යුද හමුදාපති , ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. 08 October 2019
පුරවැසි සංවිධාන එකමුතුවේ සහාය සජිත්ට ‘‘සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන්නට අපි තීරණය කර තිබෙනවා. ඒ ගැන මීට පෙරත් අපි කිව්වා. 2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා යයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (08) පැවසීය. 08 October 2019
සිවාජිලිංගම්ගේ ටෙලෝ සාමාජිකත්වය අහෝසි කරයි ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදුන් එම්.කේ.සිවාජිලිංගම්ගේ ටෙලෝ සාමාජිකත්වය මේ වන විටත් අහෝසි කර ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා සදහන් කළේය. 08 October 2019
සිරකරුවන්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා අධිකරණයට හෙට පෙත්සමක් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හෙට (9) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය. 08 October 2019
මූලික අයිතීවාසිකම් උල්ලංඝණය වී යයි කී පෙත්සම් දෙකක් ඉවතට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 08 October 2019
ජනපතිවරණයේ සහය කාටදැයි ටීඑන්ඒ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(08) පැවැසීය. 08 October 2019
දුම්රිය දුරගමන් සේවා ආසන වෙන්කළ මගීන්ට මුදල් ආපසු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මාසික හා ත්‍රෛයිමාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ මගීන්ට ඒවා ලබාගැනීමට කල් ලබාදී ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය. 08 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026