(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ නම ඇතුළත්ව තිබේනම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත.
සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්මිය පොළොන්නරුව නාගරික කොමසාරිස්වරුන්ට සහ ප්‍රාදේශීය සභා වල ලේකම්වරුන්ට ඊයේ (25) ලිපියක් යවමින් මෙම දැනුම් දීම කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනය වීම අපේක්ෂක ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන් බලපාන නිසා මෙම පියවර ගන්නැයිද එම ලිපියෙන් දන්වා ඇත.
දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නියෝජිත රැස්වීමේදී ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරිය සිය ලිපියෙන් දන්වා ඇත.
මේ අතර පොළොන්නරුව මැතිවරණ කාර්යාලයේ ලිපියට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් පිළිතුරු ලිපියක් යවා ඇති අතර තම බල ප්‍රදේශයේ එවැනි පුවරු සහ ඵලක 3000 ක් පමණ තිබෙන බවත් ඒවායේ රුව සහ නම වසා තැබීමට තම ආයතනයට මුදල් නොමැති බවත් ලිපියෙන් දන්වා ඇතැයි වාර්තා වේ.
එබැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් සමරු ඵලකවල හිටපු ජනාධිපතිවරයාගේ නම සහ රුව වසා තැබීය හැකි බවද එම ලිපියෙන් දන්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේවත් නම් එපා... මේ සියල්ල මහජන මුදල්...
පුවරු වසාගෙන කොමිස් මුදල් ගැන විස්තරයක් දාන්න... මේවා මහජන බදුමුදල්...
හොරාකාපු සල්ලි ගැන බෝඩ් ලියන්න ජනතාව දැනගන්න...
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ රුව සහ නම ඇතුලත් පුවරුත් ඉවත් කරනවද එතකොට? සියලුම රජයේ ආයතනවල ඔහුගේ පින්තූර ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහුත් අපේක්ෂකයෙක් මෙවර මැතිවරණයේ...
මෙතුමාගේ රුව අඩංගු ඒ වගේ දේවල් සදහටම වසා තබනවා නම් වඩාත්ම හොඳයි ... ඇරලා තැබුවා කියා ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ඕවා දිහා මේ මිනිස්සු අඬගහල පෙන්නුවත් බලන එකක්යැ..
එතකොට යහපාලනයේ අය හදපු පාරවල ගහලා තියෙන පුවරු. අනික රජයේ කන්තෝරුවල දැන් තියෙන මහින්ද මහත්තයාගේ පුවරු.. ඒවා කමක් නැද්ද...?
ඇත්තෙන්ම හොඳ තීරණයක් මේ එක එක මූණත් තහඩු දැකීමෙන් (විශේෂයෙන් දියවන්නාවේ 225ම තක්කඩි මුහුණු) ජනතාව කුපිත වෙන බැවින් බලු පොරයට පැමිණෙන කිසිදු කෙනෙකුගේ මුහුණු ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුමයි.
සමහර දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට කොන්ද කියන එක නැද්ද? ලැජ්ජයි..
වහන්න පුවරුවක් නැහැලු.., මොකද කරපු මගුලක් නෑ.
මෙවර මැතිවරණය පැවැත්වෙන ආකාරය (මෙතෙක්) ඉතා හොඳයි. එක එකාගෙ මුහුණු නැහැ. තාප්ප පිරෙන්න පෝස්ටර් නැහැ. ඉතා හොඳයි. ඡන්දෙ ඉල්ලන අයට නරක වුණාට අපිට හොඳයි. ඔය මුහුණුවලට රැවටිලා ඡන්දෙ දීපු කාලේ දැන් ඉවරයි කියලා ඡන්දෙ ඉල්ලන අය මතක තියා ගන්න ඕනෑ...
මේ මුහුණු දැක්තම දවසම එපාවෙනවා.
මොහුගේ නම දැක්ක ගමක් චිහ්...!!! විතරක් කියලා අනෙක් පැත්ත බලාගන්නවා.
මේවා පෙනෙන්නට තිබීම නිසා මිනිසුන් කෙළ ගැසීමට පෙළඹෙනවා. එබැවින් පරිසරය අපවිත්‍ර වනවා සේම කොරෝනා පැතිරීමට අවදානමක් ද ඇතිවනවා. ගලවා පුළුස්සා දැමීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට පුළුවන්...
නාමපුවරු 3000ක්? මාර වැඩකාරයෙක් මේ පොළොන්නනරු ගොයියා.. මොනවද දන්නේ නැහැ උන්නැහේ ඒ පළාතට කරලා තියෙන වැඩ කන්දරාව..? දැන් ඉතින් මම පරාජය වූවොත් බෝඩ් ලෑලි වහපු නිසා කියයි. ජනාධිපති තාත්තාට වෙච්චි විපත්තිය. එතකොට අනික් අපේක්ෂකයින්ගේ නම් රූප ආදියත් වහන්න මැතිවරණ කොමිසම අණ කරන්න ඕනෑ නේද? මා පදිංචි රටේ නම් ඔයවගේ ජෝකර්ලා නැහැ. නාමපුවරුත් නැහැ. බස් නැවතුම්, ප්‍රසිද්ධ වැසිකිළි විවෘත කරන්න මැති ඇමැතිවරුන්ට ආරාධනා කරන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැති නිසා යූරෝ කෝටි ගාණක් ඉතිරිත් වෙනවා වෙන වැඩ වෙනුවෙන්...අපේ රටේ බෝඩ් ගහන්න උත්සව පවත්වන්න රුපියල් කෝටි කීයක් වසරකට පුලුස්සා දමනවද? ඕක නිසානේ අපේ රටේ මුදල් නෝට්ටු අච්චුගහන්න වෙලා තියෙන්නෙත්...
දූශිත දේශපාලුවන්ගේ මුහුණු දකින එකත් හරිම පිළිකුලක්...
ඊයේ විද්‍යුත් මාධ්‍ය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවේදී සාක්ෂිවලින් අනාවරණය වුණා විදේශීය මුස්ලිම් සංවිධානයක් විසින් නෙළුම් පොකුණේදී මෙතුමාට දුන්නා කියන විශාල මුදලට වුණු දෙයක් නැහැ කියන්නේ මේ මුදල පාස්කු ප්‍රහාරය වසන් කරන්න දුන්නු දොළ පිදේනියක්ද?
මැතිවරණ කොමිසමේ සභාපතිතුමනි, අදහස හොඳයි. එතකොට අනිත් අපේක්ෂකයින්ගේ එවැනි පුවරුත් ඉවත් කරනවද? එහෙම බැරිද?
මෙහෙම මෝඩ තකතීරුවන් රැලක්. ඔය පුවරුවල තියන දේ කියවන්නේ නෑ. වහලා තියනවා දැක්කම දන්නවා නම මොකද්ද කියලා...
මෝඩ රැලක්නේ.. මේ අයද මේ රට ගෙනියන්නේ..?
උන්නැහේට මුහුණක් කොහොමත් නොතිබුණා නම් දැන් ඉන්නවාටත් වඩා ලස්සනයි.
අනේ ලංකාදීපේ මහත්වරුනි, මෙයාගැන ප්‍රවෘත්තියක් දානකොට කරුණාකරලා පින්තූරේ දාන්න එපා.
එතකොට මහින්දගේ පින්තූර තියෙන ඒවා රටපුරාම... දකිද්දිත් හිරිකිතයි. ඒවත් ගලවන්න ඕනෑ... ඡන්ද නීතියට අනුව මේවා රටේ සල්ලිවලින් කරන්නේ... හරියට අම්මගේ අප්පගේ සල්ලිවලින් වගේනේ...
MS පව් අනේ. MRගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනය හොඳා..යි!!! මැකෝතුමනි..
අඩි දෙකක් කොන්ක්‍රිට් දාලා ඒකෙ විවෘත කිරීමට ලක්ෂයක බෝඩ් ගහන හැම කෙනාගේම මුහුණු සදහටම නොදැක ඉන්න තියෙනවා නම් ගොඩක් හොඳයි... මිනිස්සුන්ගේ ප්‍රශ්න ඇපේට තියන් තමන්ගේ බලය රැකගන්න ඕන දහජරා වැඩක් කරන අය තමයි බහුතරය... මිනිස්සුන්ට වෙන ප්‍රශ්නයකට ඉදිරිපත් වෙන අය ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්..
නෙළුම් කුළුණයි, මත්තලයි, හම්බන්තොටයි, නෙළුම් පොකුණයි, සූරියවැව ක්‍රීඩාංගණයයි සම්පූර්ණයෙන්ම වහන්න රෙදි හරි ගෝනිවලින් හරි.... අනේ මෙහෙමත් පාලකයෝ... !!!
මෙයාව බිත්තියකට තියලා මැටි ගහන්න ඕනේ කරපුවට...
ඉහේ ඉඳන් පට්ට ගහන්න ඕනේ කරපු වැඩවලට..
මම නම් කියන්නේ කළ සේවයක් තිබේ නම්.. ඒවා වහන්න එපා..
එහෙනම් පත්තරවල තියෙන ලිපිවල නම් සහ ඡායාරූපත් තහනම් වෙන්න එපෑයෑ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ ඒකෙ ඉන්න හොරු කියලා එජාපයට රට පාවා දුන්නා. දැන් කිසිම විලි ලැජ්ජාවක් නැතිව පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලනවා. මෙවන් අය ඡන්දයේදී ප්‍රතික්ෂේප කරාවි ජනතාව...
මෙදාපාරවත් කිසිකෙනෙකුට ඡන්දය නොදී ඉන්න. හොරුන්ට ගසාකන මග පාදා නොදෙන්න.
මෙයාගේ මූණ වහන්න ඕනෑ නැහැ... පොලොන්නරුව ජනතාව මෙදා සැරේ ඡන්දෙන් හොඳ පිළිතුරක් දෙයි.
මොනවා වුණත් නියම උත්තරයක් තමයි දීලා තියෙන්නේ... ගහන්නත් සල්ලි දෙන්න, වහන්නත් සල්ලි දෙන්න, ආයෙත් ගලවන්නත් සල්ලි දෙන්න.. හැබැයි මේවා බලන කවුරුත් ඉන්නවද කියන එක තමයි දෙපාරක් හිතන්න ඕනේ...