(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය.
ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගියා ඇය වූ අතර ඇය රෝහලින් පිටව ගියේ මෙම ප්‍රහාරයෙන් රෝහල්ගතව සිට නිවසට ගිය අවසන් රෝගියා ලෙසිනි.
පාස්කු ඉරිදා දිනයේදී මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය රාගම ශික්‍ෂණ රෝහලේ, කොළඹ ජාතික රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලකදී ද වශයෙන් ශල්‍යකර්ම කිහිපයකටම ලක්ව තිබේ.

රෝහලින් නිවසට පැමිණියද ඇය තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැත.
සුෂුම්නාවට සිදුවු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් අප්‍රාණිකව පවතින අතර තමාගේ වම් ඇස ඉවත් කර ඇති බවත්, අතේ ද ඇඟිලි හැසිරවීම අපහසු බවත් තිළිණා පැවසුවාය.
ඇය වෘත්තියෙන් නර්තන ගුරුවරියකි.
ඇගේ 6 හැවිරිදි දෙවැනි පුතු ද මෙම ප්‍රහාරයෙන් මිය ගියේය.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඇය මෙන්ම ඇගේ මව හා දරු තිදෙනාත් දේවස්ථානයේ සිට ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඇය පළමුව ඇතුළත් කර ඇත්තේ රාගම ශික්‍ෂණ රෝහලටය.
නිවසට ගියත් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින තමාට අවශ්‍ය වියදම් ඇතුළු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් ලබාදෙන බව ද ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන හාස්කමකින් හෝ ප්රාතිහාර්යයකින් හෝ ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා...!!!
කුරීරු ඝාතකයින්ට ඔවුන් අදහන දෙවියන්ගෙන් නම් කිසිම සමාවක් නොලැබෙනු ඇත. දරුවගේ වයස අවුරුදු 6යි...
ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ තිරස්චීන මිනිසුන් කොහෙන් බේරුණත් කර්ම ඵලයෙන් නැත්නම් ස්වභාවය ධර්මයේ නීතියෙන් බේරෙන්නේ නම් නෑ.
නැගනිය, අවාසනාවන්ත සිදුවීමක් නිසා කරදරයකට පත් වුණත්, එ් සියල්ල අතීතයට එක්වී හමාරයි. කණගාටු නොවන්න. මරණය පෙනි පෙනී.., ජීවත්වීමට ලැබීම ගැන සතුටු වෙන්න. ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් අප්‍රාණිකයි. වම් ඇස ඉවත් කර, අතේ ඇඟිලි හැසිරවීම අපහසු වුණත් ස්වාමියා සහ දරු තිදෙනා සමඟ සතුටින් සිටීමට දේවාශීර්වාද ලැබේවා..!