පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ලේකම් කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත්වී තිබේ. 13 October 2019
සමනල වැව ජලාශය පිරීයයි සමනල වැව ජලාශය පිරීයාමෙන් සමනලවැව පෝෂණය වන වලවේ ගඟ ඉස්මත්තේ පිහිටි බටුගම්මන, තිත්තවැල්ආර, වැලිකුඹුර, වෙනිවැල්ගැට ආර, දෙකිඳ, තුන්කිඳ ආදී ප්‍රදේශ වසර දහයකට පමණ පසු ජලයෙන් යටවෙමින් පවතියි. 13 October 2019
දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සැකසෙන අතර එය මේ වනවිට මුද්‍රණය කෙරෙමින් තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 13 October 2019
රන් බිස්කට් 17 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ග්‍රෑම් සියයක බරින් යුතු රන් බිස්කට් 17 ක් සමඟ පුද්ගලයෙකු අද (13) අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 October 2019
යතුරුපැදිය ලිස්සා බස්රථයට යටවීමෙන් පැදිකරු මරුට කුලියාපිටියේ සිට කුරුණෑගල දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක ගැටී පැදිකරු මරණයට පත්වී ඇති බව පොලිසිය කියයි. 13 October 2019
හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 16දෙනෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. 13 October 2019
අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය. 13 October 2019
කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක් කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදී වෙනත් වෛද්‍යවරියක් පසුගිය 1දා සිට එම තනතුරට පත්කර එවීමෙන් පසු සෙසු වෛද්‍යවරු එම රෝහලේ සේවයෙන් ඉවත්වීමෙන් කොළොන්න රෝහලේ සේවා කටයුතු දින 11ක් තිස්සේ අඩපණ වී තිබේ. 13 October 2019
බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික වාර්තා හෙළි කරන්නැයි ඉල්ලයි දැන් මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයේ වාර්තාව නොවැම්බර් 16ට පෙර රටට හෙළි කරන ලෙස විගණකාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය. 13 October 2019
නාවලපිටිය වැස්සෙන් යටවෙයි : ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අදත් (13) ජලයෙන් යටවීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය. 13 October 2019
‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’ දේශපාලන පක්ෂ නායකයන් තම ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැකිය යන්න ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කළ බව මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු පිළිබඳව අද (13) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 October 2019
තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර ඇති, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොරි 7කින් රැගෙන ආ සෙවිලි තහඩු බෙදීම වහාම අත්හිටුවන ලෙසට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා විසින් අනුරාධපුර මැතිවරණ කාර්යාලට අද(13)දින පැමිණිලි කර තිබේ. 13 October 2019
එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයන් පස්දෙනකු මැලේසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 13 October 2019
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 දා එළිදකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 13 October 2019
ප්‍රංශය - ජර්මනිය තුර්කියට ආයුධ යැවීම නවතයි තුර්කියට ආයුධ අපනයනය කිරීම අත්හිටුවීමට ප්‍රංශය සහ ජර්මනිය පියවර ගෙන ඇත. තුර්කිය සිරියාවේ කුර්දිවරුන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ප්‍රංශය සහ ජර්මනිය එම පියවර ගෙන තිබේ. 13 October 2019
ගාල්ලේ පුරන් කුඹුරු මිරිදිය මත්ස්‍ය වගාවට ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ඉඩම්, මිරිදිය මත්ස්‍ය වගාව සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 13 October 2019
ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දුව මතයි ජනපති අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට වන පොරොන්දුව සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 13 October 2019
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභයට ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 13 October 2019
රිවස්ටන් මාර්ගය නායයයි මධ්‍යම පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නකල්ස් කලාපයේ, මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති රිවස්ටන් මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතැයි පොලිසිය කියයි. 13 October 2019
දෙහිවල ගුවන් පාලමෙන් යතුරුපැදි ධාවනය තහනම් දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම ඉකුත් 10 වැන දින සිට තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(13) පැවසීය. 13 October 2019
’විජිත හේරත් කියනවා වගේ අපි අනුරට සහාය දක්වා නැහැ’ ජාතික ජනතා බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට තම සහාය පලකර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත සාවධ්‍ය ප්‍රකාශයක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්ලොට් හා ටෙලෝ පක්ෂ අවධාරණය කර සිටීයි. 13 October 2019
ගසක් කඩාවැටී තිදෙනෙකු මරුට වැලිමඩ - ඌව පරණගම මාර්ගයේ පැල්පතක් මතට ගසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකු මියගොස් දෙදෙනෙකු රෝහල්ගත කරඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 13 October 2019
කිරිඳිගඟේ ගසාගෙන ගිය සිව්දරු පියාගේ සිරුර හමුවෙයි පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන කිරිඳිගඟ දෙගොඩතලා යද්දී අවට සිටි අයගේ විරෝධය නොතකා කුට්ටපිටිය වටවල ඉමේකැලේ සපත්තු පාලමෙන් එගොඩවීමට ගොස් ජල පහරට හසුව අතුරුදන් වු සිව්දරු පියාගේ සිරුර කිලෝමීටර් පහළොවක් පමණ දුරින් වූ පහළ කුට්ටිපිටිය අමුණුවල ප්‍රදේශයේ තිබී අද (12) දහවල් සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පැවසුවේය. 12 October 2019
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන විමසිල්ලෙන් මහ වැසි සමග ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ලදක්වා කොටසේ ස්ථාන කීපයකට අද (12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩාවැටීම් සිදුව ඇති අතර අවදානම තවමත් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද කරයි. 12 October 2019
සුළි කුණාටුව ගුවන් ගමන් ප්‍රමාද කරයි ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව නිසා, එරට වෙත පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි. 12 October 2019
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ. 12 October 2019
රක්ෂිත භූමි 65ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කරයි කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්ෂිතව පැවැති රක්ෂිත භූමි 65 ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට අත්සන් තැබීම අද (12) හබරණ, ගල්ඔය රක්ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි. 12 October 2019
ඌව වෙල්ලස්ස සරසවිය 16දා සිට යළි අරඹයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 16 වනදින සිට යලි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය. 12 October 2019
වෛද්‍ය පරීක්ෂණවලින් පසු ගෝඨාභය ආපසු එයි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12) ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. 12 October 2019
ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ තරුණයකු අත්අඩංගුවට ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි. 12 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026