යාපනයේ දූපත්වාසීන්ගේ ප්රවාහන කටයුතුවලට නෞකා සේවයක්
යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සඳහා මගී ප්රවාහනය වෙනුවෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්යංශය පවසයි.