මුල් අයිතිකරුවන්ට දෙන්න නිදහස් කළ අලි ඇතුන් 15 ලියාපදිංචිය අත්හිටුවයි
මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ හීලෑ අලි ඇතුන් 15 දෙනා, වනජීවි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය.