(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ)

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ අද (02) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බදුරලිය, අගලවත්ත, කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින චන්ද්‍රලතා පත්මිනී නමැති 50 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි .

වෙඩි ප්‍රහාරයෙන් උදරය සහ පාද වලට බරපතළ  තුවාල ලැබූ කාන්තාව නාගොඩ මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

තුවාල ලැබූ කාන්තාවගේ පෙර විවාහක සැමියා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිවී  ඇති බවත් , සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්  පොලිසිය කීය. බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.