‘උ.පෙළ විභාග ප්‍රවේශපත්‍රය තවම නැත්නම් වෙබ් අඩවියෙන් ගන්න‘ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය තවමත් ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 27 January 2022
අද වැස්ස පොඩ්ඩක්වත් නෑ සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් අද (26) දින වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2022
පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක් රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත . 27 January 2022
‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘ වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති. 26 January 2022
වැඩිහිටි කන්ද නැග්ග සරසවි සිසුවා හදිසියේ මරුට සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට කිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි රෝහල් පොලිසිය කියයි. 26 January 2022
කොවිඩ් ආසාදිතයන් 900 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 927 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 January 2022
ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ. 26 January 2022
“දයා මාස්ටර්”ට අත්හිටවූ සිර දඩුවමක් මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එය වසර පහකට අත්හිටුවීමට අද (26) නියෝග කළේය. 26 January 2022
රවිට එරෙහි බැඳුන්කර නඩුව 27 විභාගයට මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් කොටි 150 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ විභාග ලබන අප්‍රේල් 27 වැනිදා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) තීරණය කළේය. 26 January 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහි පෙත්සම් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යනඅයවලුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් අද (26) ගොනු කළහ. 26 January 2022
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 January 2022
මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට බ්‍රිතාන්‍යයේ දී පුහුණුවක් රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 26 January 2022
කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරය නතර කරයි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. 26 January 2022
පිළියන්දල වෛද්‍යවරයාගෙන් පැය දෙකක රහස් ප්‍රකාශයක් බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා බෝම්බ සිද්ධිය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් අද (26) රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය. 26 January 2022
‘ලිට්රෝ’ සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා‘‘ රජයේ සමාගමක් වන ලිට්රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 26 January 2022
දුම්රියට බඳවා ගැනිමේ විභාගයට ඇවිත් දුම්රිය ගිනි තියයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් බඳවා ගන්නා තරඟ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිදුකළ උද්ඝෝෂණයක් අතර තුර දුම්රියකට ගිනි තබා ඇත. 26 January 2022
‘‘නිලධාරීන් අසාර්ථක නම් ඔවුන් පන්නා වගකීම් ඉටුකළ යුතුයි‘‘ යම් නිලධාරියකු අසාර්ථක නම් මාරු කිරීම කළ යුතු බවත්, ඇමතිවරුන්ට වගකීම් ඉටුකළ හැක්කේ තමන්ගේ වේගයෙන්ම කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සිටියහොත් පමණක් බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය 26 January 2022
කුඩු සමග ඇල්ලූ 17 රඳවා ප්‍රශ්න කරන්න අවසර ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බහුදින යාත්‍රාවකින් මෙරට දකුණු මුහුදට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350 අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා ලබන 31 වැනිදා තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද (26) අවසර ලබා දුන්නේය. 26 January 2022
දියණිය අලියාගෙන් බේරා මාරාන්තික සටනක් කරලා පාසල් යාමට සූදානමින් සිටි 13 හැවිරි පාසල් සිසුවියක ආච්චි අම්මාගේ නිවසේ සිට තම නිවෙසට දෙගට යමින් සිටියදි ඉදිරියට කඩාවැඳුණු වල් අලියකු ඇය ඔසවා මීටර් කීපයක් දුරට විසිකර ඇය පාගා මරාදැමීමට සූදිනම් වෙද්දී මව හා ආච්චි අම්මා එක්ව අලියා සමග මාරාන්තික සටනක් කර ඇගේ ජීවිතය බේරාගත් පුවතක් තඹුත්තේගම තේක්කවත්ත ගම්මානයෙන් වාර්තා වෙයි. 26 January 2022
ජාතික රෝහලේ ‘කොවිඩ්’ ඇන්ටිජන් කට්ටල අවසන් කොළඹ ජාතික රෝහලේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්ෂණ අද (26) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බවත් රෝහලේ සෙසු අංශවල ද ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති බවත් එම රෝහල් වෛද්‍යවරු පවසති. 26 January 2022
නරක ගෑස්වලට හොඳ ගෑස් දෙන්නේ මෙහෙමයි භාවිතා කළ ද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර භාරදීමට කැමති පාරිභෝගිකයන්ගේ ඒවා භාරගත යුතු බවටලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම්වලට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා දැනුම්දී තිබේ. 26 January 2022
පා පැදියෙන් වැඩට ආවොත් වාසි ගොඩක් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය 26 January 2022
කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 26 January 2022
නීලාගේ දේහය හෙට දිවයිනට මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි. 26 January 2022
චමරි ලෝකයේ ප්රබලතම පිතිකාරිනියන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටින්නීය. 26 January 2022
රෝහල් තුණ්ඩුවට ඔසු සලෙන් නොමිලේ බෙහෙත් බස්නාහිර පළාතේ සියලුම රෝහල් වල පරිපුරක වෛද්‍ය සේවා, හෙද සේවා, අතුරු වෛද්‍ය සේවා විසින් සිදුකරනු ලැබු සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේද ඖෂධ නිකුත් නොකිරිම නිසා කොළඹ රාජ්‍ය ඔසුසල වෙත ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාව පැමිණිම සිටිනු දැක ගත හැකි විය 26 January 2022
ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 26 January 2022
දුර්ලභ සුදු ලේනෙක් කලුතරින් හමුවෙයි වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට දුර්ලභ සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි . 26 January 2022
’’මෝඩ යකා’’මෙහෙම නම් උගත් යකා කොහොම ඇත්ද? ’’මෝඩ යකා’’ කෝටි තුනහමාරකට වැඩේ දුන්නා නම් ’’උගත් යක්කු’’ ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දෙන්නට ඇද්දැයි සිතාගන්නට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 26 January 2022
බයිඩන්ගෙන් පුටින්ට තර්ජනයක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. 26 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026