IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලාංකිකයන්ට තුන්වේල කන එක ගැටලුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින්  ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.ශ්‍රී ලංකාවේ ජුනි මස උද්ධමනය සියයට 54.6 ක් බවත් ප්‍රවාහන ගාස්තු සියයට 128 කින් වැඩි වී ඇති බවත් ආහාර උද්ධමනය සියයට 80.1 බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු  බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් මහත්මිය රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 20 ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572 ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා තවත් උග්‍ර කරමින් එළවළු මිල දෙගුණ වී ඇති බවත් ගිය වසරේ රුපියල් 145 ක් වූ සහල් කිලෝවක මිල අද වන විට රුපියල් 230 ක් වී ඇති බවත්  රොයිටර් පුවත් සේවය පැවසුවේය. 



අදහස් (3)

ලාංකිකයන්ට තුන්වේල කන එක ගැටලුවක්

ranjith Tuesday, 05 July 2022 12:46 PM

රොයිටර් නියෝජිතයො දන්නව ලංකාවෙ මිනිස්සුන්ට කන්න නෑ කියල රටෙ නයකයො කියා ගන්නා පබයන්ට මෙව තාම තේරෙන්නෙ නැතිද?

:       0       6

fairoos Tuesday, 05 July 2022 01:20 PM

නන්දසේන සහ රනිල් ඔයාලාට රට කරන්න බෑ. තොලොංචි වෙලා යන්න.

:       0       0

Sunil Tuesday, 05 July 2022 03:53 PM

ජනගහනයෙන් වැඩි කොටසකට දැන් එක වේලක් කන එකත් ගැටලුවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site