IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


භූමිතෙල් මිලත් හෙට අනිද්දාම වැඩි කරනවා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භූමිතෙල් මිල හෙට අනිද්දා  අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ  විවාදයේදීය.

භූමිතෙල් දැන් අලෙවි කැරෙන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් හාරසිය විස්සක් වියදම් වෙන බවත්   අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක්  අත් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

"සංස්ථාව මේ දක්වා තියෙන දුන්නේ අඩු මිලට. දැන් ඒක කරන්න බැහැ.

"භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි.  අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා   කෑගහනවා.

ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.

ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද  ප්‍රශ්නයක්. ඛනිජ තෙල් සංස්ථාවේ ණය සීමාව වැඩි කළ යුතුයි කියලා යෝජනා කරන්නේ ඒ නිසයි. අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරනවා..



අදහස් (10)

භූමිතෙල් මිලත් හෙට අනිද්දාම වැඩි කරනවා

himala Tuesday, 05 July 2022 03:48 PM

නුඹලාට නම් හෙණ ගහනවා... ගණන් වැඩිකළත් තෙල් කෝ...?

:       0       0

Sunil Tuesday, 05 July 2022 03:50 PM

මෙයාගෙ දක්ශතාවය තිබෙන්නෙ හැම වර්ගයකම ඉන්දන වල මිල වැඩි කරන්න පමනයි.

:       0       25

sena Tuesday, 05 July 2022 04:01 PM

මේ මනුස්සයාට තේරෙන්නේ නැත්තේ මොකද නාස්තිය අඩුකිරීමෙනුත් මිල අඩුකරන්න පුළුවන් කියලා...

:       0       0

mp Tuesday, 05 July 2022 04:36 PM

වැඩිකරපං.

:       0       0

ravin Tuesday, 05 July 2022 04:50 PM

හරි එහෙම වැඩිකළාම තොත්ත බබාලාට හම්බවෙන කොමිස් ගණනත් කියන්නකෝ ඔයගමන්ම...

:       0       0

fairoos Tuesday, 05 July 2022 05:00 PM

තවත් පචවෙන්නේ නැතිව තොලොංචි වෙලා ගියානම් හොඳයි...

:       0       0

පුරවැසියා... Tuesday, 05 July 2022 06:36 PM

ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන රටේ ජනතාවගේ වරදක් නිසාද ? හැම දේකම මිල වැඩි කිරීම නම් ජනතාවට සහනයක් වේද ?

:       0       0

සුදු පුතා Tuesday, 05 July 2022 08:21 PM

මිල වැඩි කළත් භූමිතෙල් තියෙන්න එපැයි

:       0       0

ලක්සිරි පැරිස් Tuesday, 05 July 2022 11:23 PM

කට වහගෙන හිහිටියනම් හොඳයි පුන්න්කු ටිකක් කාලා,.මිනිස්සු කොටියක් ප්‍රස්නෙක ඉන්න වෙලාවක මු බුරනවා. හෙනම ගහපිය , මගේ රට කැවාට

:       0       0

de silva Wednesday, 06 July 2022 12:06 AM

වැඩිකරන්න භූමිතෙල් තියෙන්න එපෑයෑ.., තමුන් ළඟ නැති දේක මිල වැඩිකරන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site